bandaragama-incident

බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේදී කුමාරි නමැති ඇතින්නියකට හෙණ්ඩුවෙන් ඇන වේවැලකින් පහර දී හිංසනයක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇත් ගොව්වා පානදුර වැඩබලන මහෙස්ත්‍රාත් ජයන්ති පීරිස් මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 75,000ක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.




මෙලෙස ශරීර ඇප මත මුදාහැර ඇත්තේ කිරිඳිවැල මැද්දේගම හිස්වැල්ල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.2019 වසරේදී ලොරියකට ඇතින්න ලවා ලී කොටන් පටවන අවස්ථාවේදී සැකකාර ඇත් ගොව්වා එලෙස හිංසනය සිදු කරන අයුරු දැක්වෙන ජංගම දුරකථනයකින් ලබාගත් වීඩියෝවක් 2019 වසරේදී "කුංචනාදය" නමැති සමාජ මාධ්‍ය පිටුවේ සංසරණය වී තිබුණද ඒ සම්බන්ධයෙන් කිසිදු පොලීසියකට පැමිණිල්ලක් නොවීමෙන් පරීක්ෂණයක් නොවීය.


එම හිංසනය සම්බන්ධයෙන් රෙයාර් ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පංචාලි පනාපිටිය මහත්මිය විසින් සැකකාර ඇත්ගොව්වා . කුමාරි ඇතින්නියට එලෙස හිංසනය කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ඇතුළත් සී ඩි තැටියක් මීට දින කීපයකට ඉහතදී

පොලීසිය වෙත ඉදිරිපත් කරමින් කරන ලද පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ බණ්ඩාරගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතා විමර්ශන සිදුකර සැකකාර ඇත්ගොව්වා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලීසිය කියයි. එකී සිද්ධියට අදාළව කුමාරි ඇතින්නියගේ හිමිකරු ද පොලීසියට ගෙන්වා ප්‍රකාශ ගත් බවත්, මෙම සිද්ධිය පදනම් කරගෙන සැකකාර ඇත් ගොව්වා එම දිනවලම සේවයෙන් පහකළ බවට හිමිකරුගෙන් අනාවරණය වී අති බවත් පොලීසිය කියයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ