bangladesh-garments-closed

ඇතිවී තිබෙන අර්බුදකාරී වාතාවරණය හමුවේ බංග්ලාදේශයේ ආර්ථිකය නැවතත් අසීරු තත්වයකට පත්ව තිබේ.
ඇතැම් කර්මා­න්ත­ශා­ලා­වල සේව­ක­යන් අඛණ්ඩ වැඩ වර්ජ­න­යක නිරත වීම සහ නොස­න්සු­න්තාව හේතු­වෙන් බංග්ලා­දේ­ශයේ ඇඟ­ලුම් ආය­තන ඇතුළු කර්මා­න්ත­ශාලා 219ක් වසා දැමී­මට එහි පාල­නා­ධි­කා­රිය පිය­වර ගෙන ඇතැ­යි­ එ­රට මාධ්‍ය වාර්තා කළේය.



වැඩි වැටුප්, ප්‍රසාද දීමනා සහ පැමි­ණීමේ දීමනා ඉහළ දමන ලෙස පාල­නා­ධි­කා­රි­යට බල කර­මින් සේවක සේවි­කා­වන් විසින් සිදු කරනු ලැබූ වැඩ වර්ජ­නය හා විරෝ­ධ­තාව හේතු­වෙන් ඇඟ­ලුම් කර්මා­න්ත­ශාලා 86ක් දින නිය­ම­ය­කින් තොරව වසා දැමී­මට පිය­වර ගෙන තිබූ බවත්, විරෝ­ධතා වැළැ­ක්වීම සඳහා තවත් කර්මා­න්ත­ශාලා 133ක සේවක සේවි­කා­වන්ට නිවාඩු ලබා­දී­මට පාල­නා­ධි­කා­රිය පිය­වර ගෙන තිබූ බවත් එරට ‘නිව්ස් ඒජ්‘ පුවත් සේවය වාර්තා කළේය.

සේවක විරෝ­ධතා උත්සන්න වූවද ඩකා නුවර අප­න­යන ප්‍රව­ර්ධන කලා­පයේ කර්මා­න්ත­ශාලා 88ක නිෂ්පා­දන කට­යුතු සිදු කිරී­මට එහි පාල­නා­ධි­කා­රිය සමත්වූ බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ. ප්‍රචණ්ඩ ක්‍රියා වැළැ­ක්වීම සඳහා කර්මා­න්ත­ශාලා ඉදි­රි­පිට අති­රේක පොලිස් කණ්ඩා­යම් යොදවා තිබූ බව ද වාර්තා වේ.