අධික වේගයෙන් ගිය බස් රථයක වේගය අඩු කරන ලෙස ඉල්ලා සිටි මගියෙකුට කොන්දොස්තරවරයා පහරදීමේ සිද්ධියක් දෙහිවල ප්රදේශයේදී සිදුව තිබේ.
ඊයේ (31) සෙනසුරාදා දෙහිවල සිට විදේශ සේවා (163) බස් රථයක සේවය කරමින් සිටි කොන්දොස්තරවරයා එම මගියාට පහර දී ඇත.
අපරීක්සාකාරී ලෙස බස් රථය පදවමින් සිටි අයුරු මගියා වීඩියෝවට නගලමින් සිටි අතර එයටද උරණවූ රියදුරු හා කොන්දොස්තර මගියාට එසේ නොකරන ලෙස තර්ජනය කර ඇත.
කොන්දොස්තරවරයා එම මගියාට පරුෂ වචනයෙන් බැන වදින අයුරුද ජංගම දුරකථනවල සටහන්ව තිබු අතර පසුව ඔහු බැසයන්නට හදද්දී අනතුරට ලක්කරන ආකාරයටය බස් රථය පදවා තිබේ. සිදුවූ අසාධාරණය ගැන බස් රථයේ අංක NC 0179 ගැන මගියා පොලිසියට පැමිනිලි කර තිබූ අතර
ඉන් අනතුරුව තලංගම පොලිසිය විසින් පහරදීම සිදුකළ අදාළ ක්රියාකරු අත්අඩංගුවට ගෙන ඇත.
0 Comments