North-Korean-Olympic-table-tennis-players-were-punished-for-taking-selfies-with-South-Koreans

උතුරු කොරියානු මේස පන්දු ක්‍රීඩකයින් ඔලිම්පික් තරගාවලිය අතරතුර ලබාගත් සෙල්ෆියක් නිසා ආන්දෝලනයක් ඇතිව තිබේ.
ඔවුන් දකුණු කොරියානු ප්‍රතිවාදීන් සමඟ ලබාගත් සෙල්ෆි ඡායාරූපය ජාතීන් අතර සමගිය නිරූපණය වන්නක් ලෙස ජාත්‍යන්තර තලයේ කථාබහකට ලක්වූ නමුත් උතුරු කොරියානු ඒකාධිපති නායකයාගේ කෝපයට හේතුවී ඇති බවත්
කිම් කුම්-යොන්ග් සහ රි ජොන්ග්-සික් නම් මෙම ක්‍රීඩකයින් දෙන්නා "මතවාදී පරීක්ෂණයකට" ලක් කර ඇති බවත් වාර්තාවේ. නුසුදුසු හැසිරීම සාධාරණය කිරීමට ඔවුන් අසමත් වුවහොත් දඬුවම් ලැබිය හැකි බවත් වාර්තා වේ.


බොහෝ නිරීක්ෂකයින්ට, මෙය ක්‍රීඩාවේ හැකියාව පිළිබඳ සාක්ෂියක් විය - ලෝකයේ වඩාත්ම අවි සන්නද්ධ දේශසීමාවන්ගෙන් එකක විරුද්ධ පාර්ශ්වයන්හි ජීවත් වන විට පවා, ක්ෂණික මොහොතකට හෝ ජනතාව එක්සත් කිරීමේ හැකියාව ක්‍රීඩාවක පවතී.
පැරිස් ඔලිම්පික් උළෙලේ වඩාත්ම සැමරූ රූප අතරින් එකක් වූ මෙමගින්- බෙදුණු කොරියානු අර්ධද්වීපයේ දෙපසින්ම පදක්කම් දිනූ මේස පන්දු ක්‍රීඩකයින්ගේ සෙල්ෆි ඡායාරූපයක් දැක්විණි.
 උතුරු කොරියානු යුගලයට මෙම ඡායාරූපය සිය රටේදී අපහසුතාවයකට පත් කර ඇති බව දැන් වාර්තාවේ.
දකුණු කොරියානු මිශ්‍ර යුගල ක්‍රීඩකයින් වන ලිම් ජොන්ග්-හූන් සහ ෂින් යූ-බින් සහ උතුරු කොරියානු යුගලය වන කිම් කුම්-යොන්ග් සහ රි ජොන්ග්-සික් පසුගිය මාසයේ දකුණු පැරිස් ක්‍රීඩාංගණයේදී ඔවුන්ගේ ලෝකඩ සහ රිදී පදක්කම් ලබා ගැනීමෙන් පසු පඩි පෙළ මත මෙම සෙල්ෆි ඡායාරූපය ලබා ගත්හ. චීන රන් පදක්කම්ලාභීන් වන වැන්ග් චුකින් සහ සන් යින්ග්ෂා ද මෙම ඡායාරූපවල දිස් වේ.
මෙම රූප අතරින් එකක් ක්‍රීඩා උළෙලේ නිල ඉන්ස්ටග්‍රෑම් අඩවියේ පළ කරන ලද අතර එය ලක්ෂ සංඛ්‍යාත 'ලයික්ස්' ලබා ගත් අතර, පීපල් සඟරාව එය පැරිසියේ ඔලිම්පික් උළෙලේ ඉහළම ක්‍රීඩා සහෝදරත්ව අවස්ථා 12 අතරට නම් කරන ලදී.

නමුත් මෙම සතියේ මාධ්‍ය වාර්තා වලට අනුව කිම් සහ රි "මතවාදී පරීක්ෂණයකට" ලක් කර ඇත. උතුරු කොරියාව කේන්ද්‍ර කරගත් සියොල් පදනම් කරගත් වෙබ් අඩවියක් වන ඩේලි එන්කේ, දක්වා ඇත්තේ අගෝස්තු මාසයේදී සිය රට පැමිණි දා සිට ක්‍රීඩකයින් සහ උතුරු කොරියානු ඔලිම්පික් කමිටුවේ සාමාජිකයින් මොවුන්ට ප්‍රශ්න මතුකර ඇත.
 කොමියුනිස්ට් රාජ්‍යයෙන් පිටත ජීවිතයට නිරාවරණය වූ ක්‍රීඩකයින් සහ කාන්තාවන් සඳහා මෙය එරට සම්මත ක්‍රියා පටිපාටිය බව වාර්තා වේ.
රටේ ක්‍රීඩකයින්ට වෙනත් රටවල තරඟකරුවන් සමඟ අන්තර් ක්‍රියා නොකරන ලෙස උපදෙස් දී ඇති අතර, දකුණ ඇතුළුව "සුහදශීලීන්ට" දඬුවම් ලැබිය හැකි බවට අනතුරු අඟවා ඇති බව එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

රජය විසින් "අංක එකේ සතුරා" ලෙස විස්තර කර ඇති රටක ක්‍රීඩකයින් සමඟ "සිනාසෙමින්" සෙල්ෆි ගැසීම සම්බන්ධයෙන් මේස පන්දු ක්‍රීඩකයින් නිලධාරීන්ට ඉදිරිපත් කරන ලද වාර්තාවක විවේචනයට ලක් වී ඇති බව වාර්තා වේ.

මේස පන්දු ක්‍රීඩකයින්ට මුහුණ දිය හැකි සම්බාධක මොනවාදැයි පැහැදිලි නැත. කොරියා ටයිම්ස් පුවත්පත යෝජනා කළ පරිදි, එය රඳා පවතින්නේ පැරිසියේදී ඔවුන්ට ලද නිදහස සම්බන්ධයෙන් කොතරම් තොරතුරු දැක්වීමක් මතද යන්න මතය.

හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසා ඇත්තේ මෙම වාර්තා "උතුරු කොරියානු රජයේ දේශ සීමාවෙන් ඔබ්බට හැසිරීම පාලනය කිරීමේ උත්සාහයන් පෙන්නුම් කර ඇති" බවයි.
"ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ... ඔලිම්පික් ප්‍රඥප්තියේ දක්වා ඇති පරිදි සියලු ආකාරයේ හිරිහැර කිරීම් සහ අපයෝජනයන්ගෙන් ක්‍රීඩකයින් ආරක්ෂා කිරීමේ වගකීමක් ඇත," යනුවෙන්ද එහි ප්‍රකාශයක සඳහන් විය.