A-student-bought-goods-worth-four-and-a-half-lakhs-with-a-credit-card-caught-because-of-a-warranty

හැටන් නග­රයේ බිම වැටී තිබූ ණය කාඩ්ප­තක් අහු­ලා­ගත් පාසල් සිසු­වකු එම කාඩ්පත භාවිත කර රුපි­යල් ලක්ෂ හත­ර­හ­මා­රක් පමණ වටිනා භාණ්ඩ මිල දී ගෙන ඇති බව හැටන් මූල­ස්ථාන පොලි­සියේ ප්‍රධාන පොලිස් පරී­ක්ෂක රංජිත් ජය­සේන මහතා පැව­සීය.

ඉකුත්දා (01) හැටන් නග­රයේ වැටී තිබූ ණය කාඩ්පත අහු­ලා­ ගත් සැක­කාර සිසුවා හැටන් නග­රයේ සුපිරි වෙළෙ­ඳ­ස­ල­කින් ආහාර මිල දී ගැනී­මෙන් පසු මහ­නු­වර ප්‍රදේ­ශ­යෙන් දුර­ක­ත­න­යට භාවිත කරන රුපි­යල් ලක්ෂ­යක් පමණ වටිනා උප­ක­ර­ණ­යක්, කාය වර්ධ­නය සඳහා භාවිත කරනු ලබන පෝෂ්‍ය­ප­දාර්ථ කිහි­ප­යක් සහ පාව­හන් යුගල් කිහි­ප­යක් මිල දී ගෙන ඇත.



බග­ව­න්ත­ලාව ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­ව­කුට අයත් ණය කාඩ්ප­තක් අස්ථා­න­ගත වූ බවත් අස්ථා­න­ගත වූ ණය කාඩ්ප­තින් හැටන් සහ මහ­නු­වර නග­ර­යෙන් රු ලක්ෂ හත­ර­හ­මා­රක් පමණ වටිනා භාණ්ඩ කිසි­යම් පුද්ග­ල­යකු විසින් මිල දී ගෙන ඇති බවට හැටන් පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශ­යට කරන ලද පැමි­ණි­ල්ලක් මත අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන් විම­ර්ශ­න­යක් සිදු කර සැක­කාර සිසුවා පසු­ගි­යදා (06) අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.



එම භාණ්ඩ මිල දී ගත් එක් ආය­ත­න­ය­කින් සැක­කාර සිසුවා මිල දී ගත් දුර­ක­තන උපාං­ග­යක වග­කීම් සහ­ති­කය නිකුත් කිරී­මට සිසු­වාගේ සත්‍ය නම, ලිපි­නය සහ දුර­ක­තන අංකය දී තිබූ නිසා සැක­කාර සිසුවා අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි වූ බවත් එම සිසුවා විසින් මිල දී ගත් භාණ්ඩ ඔහුගේ මුහු­ණු­පොතේ දමා තිබූ බවත් පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.

හැටන් ප්‍රදේ­ශයේ ප්‍රධාන පාස­ලක 13 වසරේ අධ්‍යා­පන ලබ­මින් සිටින 18 හැවි­රිදි සැක­කාර පාසල් සිසුවා පසු­ගි­යදා (06) හැටන් මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු හැටන් දිසා විනි­සුරු සහ මහේ­ස්ත්‍රාත් එම්. ෆරු­ක්ඩින් මහතා රුපි­යල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා­හැර එම නඩුව යළි මේ මස 18 වැනිදා කැඳ­වී­මට නියෝග කළේය.

(හැටන් - රංජිත් රාජ­පක්ෂ)