The-use-of-children-in-the-presidential-election-campaign-has-come-to-the-attention-of-the-Child-Protection-Authority

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා ඉදි­රි­පත් වී සිටින අපේ­ක්ෂ­ක­යන් තම මැති­ව­රණ ප්‍රචා­රණ කට­යුතු සඳහා ළම­යින් සහ­භාගි කර­ගෙන ඇති අවස්ථා පිළි­බඳ විශේෂ අව­ධා­නය යොමු කර, ඊට අදාළ විම­ර්ශන කට­යුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රිය පව­සයි.

මේ සම්බ­න්ධව කරුණු දක්ව­මින් ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රියේ සභා­ප­තිනි සරෝ­ජිනී කුසලා වීර­ව­ර්ධන මහ­ත්මි­යගේ අත්ස­නින් ඊයේ (13) විශේෂ මාධ්‍ය නිවේ­ද­න­යක් නිකුත් කළ එම අධි­කා­රිය එහිදී අව­ධා­ර­ණය කර ඇත්තේ වැඩි­හි­ටි­යන්ගේ අනු­දැ­නුම, මැදි­හත් වීම හෝ පෙල­ඹ­වීම මත වයස අවු­රුදු 18ට අඩු දරු­වන් මැති­ව­රණ ප්‍රචා­රණ කට­යුතු සඳහා සහ­භාගි කර ඇති බව ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රිය නිරී­ක්ෂ­ණය කර ඇති බවයි.



මැති­ව­රණ ප්‍රචා­රණ කට­යුතු සඳහා ළම­යින් සහ­භාගි කර­ගැ­නීම නිසා එම ළම­යින් අන­තු­රු­ව­ලට, කායික සහ මාන­සික පීඩා­ව­ලට ලක් වීමේ හැකි­යාව ඇති බවත්, එවැනි අව­ස්ථා­වල නීතිය ක්‍රියා­ත්මක කිරීමේ වග­කීම තම අධි­කා­රි­යට පැවරී ඇති හෙයින් නොප­මාව නීතිය ක්‍රියා­ත්මක කිරී­මට පිය­වර ගන්නා බවත් එම නිවේ­ද­නයේ සඳ­හන් කර ඇත.

ශ්‍රී ලංකා රජය, එක්සත් ජාතීන්ගේ ළමා අයි­ති­වා­සි­කම් පිළි­බඳ ප්‍රඥ­ප්ති­යට අත්සන් තබා එහි පාර්ශ­ව­ක­රු­වකු බවට පත්ව ඇති අතර, එම ප්‍රඥ­ප්තියේ දක්වා ඇත්තේ මවු­පි­යන් සහ භාර­ක­රු­වන් ඇතුළු සියලු පාර්ශ්ව ළම­යින්ගේ ආර­ක්ෂාව තහ­වුරු කොට ඔවුන්ගේ උප­රිම යහ­පත සැල­සී­මට බැඳී සිටින බවයි. ම

ේ නිසා ළම­යින්ගේ ආර­ක්ෂාව සහ උප­රිම යහ­පත සැල­සීම සියලු පාර්ශ­ව­යන්ගේ වග­කී­මක් ලෙස සලකා, මැති­ව­රණ ප්‍රචා­රණ කට­යුතු සඳහා ළම­යින් සහ­භාගි කර­ගැ­නී­මෙන් වළ­කින ලෙස ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රිය විසින් මවු­පි­යන්ට, භාර­ක­රු­වන්ට, සම්බ­න්ධිත පාර්ශ්ව­යන්ට සහ සියලු දේශ­පා­ලන පක්ෂ­ව­ල­ටද දන්වා සිටින බවත් ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රියේ සභා­ප­ති­නිය නිකුත් කර ඇති නිවේ­ද­නයේ වැඩි දුර­ටත් සඳ­හන් වේ.
(නෙත්මි පූජනී රත්නා­යක)