Sri-Lankan-employee-arrested-for-opening-luggage-of-passengers-and-stealing-goods

ගුවන් මගීන්ගේ ගමන් මලු හොරෙන් විවෘත කර ඒවායේ භාණ්ඩ සොරා ගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේව­ක­යකු කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.
අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ලයා මීග­මුව තිඹි­රි­ග­ස්ක­ටුව ප්‍රදේ­ශයේ පදිංචි 22 හැවි­රිදි ශ්‍රීල­න්කන් ගුවන් සේවයේ කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ ගමන් මලු ගබඩා අංශයේ සේවය කරයි.



මොහු ඉකුත් 09/23 දින මැලේ­සි­යාවේ ක්වාලා­ලා­ම්පූර් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 314 දරන ගුවන් යාන­යෙන් කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත පැමිණි ගුවන් මගීන්ගේ ගමන් මලු, ගුවන් තොටු­පොළ ගමන් මලු අංග­නය වෙත රහ­සි­ග­තව ඇතු­ළුවී, එහි තිබූ ගමන් මලු හොරෙන් විවෘත කර ඒවා තුළ තිබූ භාණ්ඩ සොරා ගන්නා ආකා­රය එහි සවි­කර තිබූ ආර­ක්ෂිත කැමරා පද්ධ­තිය තුළ සට­හන් වී තිබේ. ම

ෙම කැමරා දර්ශන නිරී­ක්ෂ­ණය කළ ශ්‍රීල­න්කන් ගුවන් සේවයේ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන් මොහු පිළි­බඳ තොර­තුරු කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ පොලි­සිය වෙත ලබා­දී­මෙන් පසු මෙම අත්අ­ඩං­ගු­වට ගැනීම සිදු කර තිබේ.

දීර්ඝ කාල­යක් තිස්සේ මේ ආකා­ර­යට ගුවන් මගීන්ගේ ගමන් මලු තුළ ඇති භාණ්ඩ මේ ආකා­ර­යට අතු­රු­දන්වී ඇති බවට පැමි­ණිලි ශ්‍රීල­න්කන් ගුවන් සේවය සහ කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත ලැබී තිබූ අතර , ඔවුන් මේ පිළි­බඳ විම­සි­ලි­මත්වී සිටීම නිසා මෙම සේව­කයා අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි වී තිබේ. කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ පොලි­සිය මෙම සේව­කයා අත්අ­ඩං­ගුවේ තබා ගෙන මේ පිළි­බඳ වැඩි­දුර විම­ර්ශන කට­යුතු සිදු කර­මින් සිටිති.
(කටු­නා­යක ටී.කේ.ජී. කපිල)