තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක නිරත වන අයුරු දැක්වෙන වීඩියෝ පටය ජනාධිපතිවරයාගේ හිතවතුන් විසින්ම නිකුත් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.
“වික්‍රමසිංහ දේශපාලන වශයෙන් බංකොලොත් වීමට ආසන්න බැවින් ඔවුන් මෙම වීඩියෝව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර තිබෙන බව මන්ත්‍රීවරයා පැවසීය.
“පසුගියදා පිළියන්දල අවමංගල්‍ය උත්සවයකදී මට වික්‍රමසිංහ මහතා හමුවූනා. ඔහු තීරු බදු රහිත මෝටර් රථ බලපත්‍ර ගැන කතා කරමින් සිටියා.
මම කිව්වා ඔහුට මුදල් අමාත්‍යවරයාගේ බලතල අනුව එවැනි බලපත්‍ර සඳහා අනුමැතිය ලබා දීමට අත්සන් කරන්න පුළුවන් කියලා. මේකයි වුණේ,”
"රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැටිලා තියෙන තත්වය ගැන මට හරි ලැජ්ජයි. මීට මාස ගාණකට කලින් මේ පිළියන්දල මළගෙදරක හම්බුනාම එතුමා මට ළඟට එන්න කියලා කතා කරලා වාඩි කරගෙන හරි ද? ඊට පස්සේ එතුමාම කියනවා මෙය. දැන් ඒක වෙලා මාස ගානක්. ඒක තියාගෙන ඉඳලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ පෙරේදා ඒක දාලා තියෙනවා.
එදා ඒ සාකච්ඡාවෙන් පස්සේ නැගිටලා යනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා ඔන්න ඔක්කොම රෙකෝඩ් වෙලා තියනව කියලත්.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා රාජපක්ෂ කල්ලියත් එක්ක එකතු වෙලා ජනාධිපති වෙන්න හදන කොටත් මට පාර්ලිමේන්තුවේදී පෞද්ගලිකව කතාකරලා ඇමතිකමක් ගන්නකෝ කිව්වා. මම එතුමාගේ පැත්ත පළාතටවත් ගියේ නෑ. ඒ නිසා මේ රටේ ජනතාවගේ ධනය මංකොල්ල කාපු දේපළ සොරා කාපු කට්ටියක් එක්ක එතුමාට අපේ එකතු වෙලා ඉන්න පුළුවන් වුණාට අපට එකතු වෙන්න බෑ.රනිල් කියන්නෙ මළගෙදරකදි වුණත් මුණගැහෙන්න හොඳ කෙනෙක් නෙමේ"
0 Comments