Keheli-was-granted-bail-yesterday-after-the-court-threatened-that-she-was-going-to-commit-suicide

 ප්‍ර‍මිති­යෙන් තොර හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධි­යට අදා­ළව රක්ෂිත බන්ධ­නා­ගාරගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙ­ලිය රඹු­ක්වැල්ල මහතා මාස හත­කට පසු ඊයේ (11) ඇප මත මුදා හැරී­මට මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් ලෝචනී අබේ­වි­ක්‍ර‍ම ­වී­ර­සිංහ මහ­ත්මිය නියෝග කළාය.
සිද්ධි­යට අදා­ළව රක්ෂිත බන්ධ­නා­ගාර ගත කර සිටි නඩුවේ අට­වැනි සැක­කරු වන හිටපු අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා වෙනු­වෙන් ජනා­ධි­පති නිතීඥ අනූජ ප්‍රේම­රත්න මහතා අධි­ක­ර­ණය හමුවේ


කරුණු ඉදි­රි­පත් කර­මින් සද­හන් කර සිටියේ,තම සේවා­දා­ය­ක­යා සිය­දිවි නසා ගැනීමේ පසු­ක­ම්පන තත්ව­ය­කට පත්ව ඇති බවත් එවැනි තත්ව­යක රෝගි­යකු බලා ගැනී­මට බන්ධ­නා­ගාර රෝහ­ලට පහ­සු­කම් නොමැති බවත්ය. ඒ හේතු­වෙන් ඔහු පූර්ණ ආබා­ධිත තත්ත්ව­යට පත්වූ පසු ඔහුට ඇප ලබා­දී­මෙන් පලක් නොමැති බවය. ඒ හේතු­වෙන් තම සේවා­දා­ය­ක­යාට ඕනෑම කොන්දේ­සි­යක් මත ඇප ලබා දෙන ලෙසට ද මෙහිදී ජනා­ධි­පති නිතී­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීය.

 පැමි­ණීල්ල වෙනු­වෙන් නිති­ප­ති­ව­රයා නියෝ­ජ­නය කර­මින් ඊට එරෙහිව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළ නියේජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රිය සද­හන් කළේ අට­වැනි සැක­කාර හිටපු අමා­ත්‍ය­ව­ර­යාට ඇප ලබා දීම සම්බ­න්ධ­යෙන් තමන් විරුද්ධ වන බවය. කෙසේ වෙතත් සැක­ක­රු­වන්ගේ රෝගී තත්ත්වය සම්බ­න්ධ­යෙන් විශේ­ෂඥ වෛද්‍ය මණ්ඩල වාර්තාව සැල­කි­ල්ලට ගැනී­මේදී සැක­ක­රු­වන්ට ඇප ලබා­දී­මට එය සුවි­ශේෂී කරු­ණක් ලෙසට ඉදි­රි­පත් වී ඇති බව මෙහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රිය සද­හන් කළාය.
 වෛද්‍ය වාර්තා සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය ඇප ලබාදෙන බව ඒ අනුව පසුව ප්‍රකාශ කළාය. රුපි­යල් ලක්ෂ­යක මුදල් සහ රුපි­යල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරී­මට

අධි­ක­ර­ණ­යෙන් නියෝග නිකුත් විණී.විදෙස් ගමන්ද තහ­නම් කළ අධි­ක­ර­ණය, විදෙස් ගත වන්නේ නම් අධි­ක­ර­ණ­යෙන් අව­සර ලබා ගත යුතුව ඇති බවට ද ඇප කොන්දේ­සි­යක් පැන­වීය.


මෙහිදී අට­වැනි සැක­කාර හිටපු අමා­ත්‍ය­ව­ර­යාට ඇප ප්‍ර‍දානය කිරී­මට පෙර අධි­ක­ර­ණය ඇමතූ මහේ­ස්ත්‍රා­ත්ව­රිය මෙසේ ප්‍ර‍කාශ කළාය. ‘‘වයස අවු­රුදු 71ක් වන ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යකු වන මෙම සැක­කරු සැල­කිය යුතු රෝග­ව­ලින් පීඩා විදින බව අධි­ක­ර­ණයේ නිරි­ක්ෂ­ණ­යට ලක්වුණා. විවිධ රෝගී තත්ව­යන් ක්‍ර‍මයෙන් උත්සන්න වන බව­ටද පෙනී යනවා. මොහු මාස අට­කට ආසන්න කාල­යක් රක්ෂිත බන්ධ­නා­ගාර ගතව සිටියා. එය බැහැර කළ නොහැ­කියි. මෙම සැක­කරු දැඩි මාන­සික ආත­ති­ය­කින් මෙන්ම ඉතා­මත් දරුණු මාන­සික රෝගී තත්ව­ය­කට මුහුණ දී ඇති බවට වන කරුණු සුවි­ශේෂී කරුණු ලෙසට සැල­කි­ල්ලට ගනි­මින් ඔහුට ඇප ලබා දීමට තීර­ණය කරමි.“

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා රක්ෂිත බන්ධ­නා­ගාර ගත කරනු ලැබුවේ ඉකුත් පෙබ­ර­වාරි මස 03 වැනි­දාය. මෙම සැක­ක­රු­වන්ගේ ඇප ඉල්ලීම් අධි­ක­ර­ණය මගින් දිගින් දිග­ටම ප්‍ර‍තික්ෂේප කළ අතර නඩුව අව­සන් වන තෙක් රක්ෂිත භාරයේ තැබී­මට නියෝග නිකුත් වී තිබණී. ඒ අනුව මාස අටකට අධික කාල­යක් රක්ෂිත බණ්ධ­නා­ගාර ගත කර සිටි අමා­ත්‍ය­ව­ර­යා සිය දිවිනසාගැනීමට පෙර ඇප ලබාදීම සිදුව තිබේ.
මෙහි වැඩි­දුර විභා­ගය ලබන 25 වැනිදා යළි කැදැ­වී­මට නිය­මි­තව ඇත.

මේ අතර මෙම සිද්ධි­යට අදා­ළව හිටපු අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහ­තාව බන්ධ­නා­ගා­රය මගින් ඊයේ (11) අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරනු ලැබී­මට රැගෙන විත් තිබුණේ බන්ධ­නා­ගාර වෑන් රිය­කිනි.

හිටපු අමා­ත්‍ය­ව­ර­යාට ඇප තැබී­මෙන් පසු ද ඒ මහ­තාව නැවත එම වෑන් රථ­ය­ටම නංවා­ගෙන බන්ධ­නා­ගා­ර­යට රැගෙන යනු දක්නට ලැබිණී. ඒ සම්බ­න්ධ­යෙන් බන්ධ­නා­ගාර නිළ­ධා­රි­ය­කු­ගෙන් කළ විම­සී­මදී ඔහු සද­හන් කළේ වෙනත් නඩු කට­යු­ත්ත­කට අදා­ළව මෙම සැක­කාර අමා­ත්‍ය­ව­රයා රක්ෂිත භාරයේ තවදුරටත් සිටින බැවින් ඇප තැන්පත් කළ ද ඔහු මුදා හැරිය නොහැකි බවය.