A-request-for-a-school-holiday-during-the-presidential-election-week

ජනාධිපතිවරණය ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබියදී එම සතියේ 18,19 හා 20 දිනවල පාසල්වලට නිවාඩු ලබාදීමට හැකිද යන්න ගැන සාකච්ඡාවක් සිදුකර ඇතැයි වාර්තාවේ.එම සතියේ මුල් දින දෙක එනම් 16 හා 17 රජයේ නිවාඩු පැවතීම නිසා ඉතිරි දින සම්බන්ධ මෙම ප්‍රශ්න කිරීම සිදුකර තිබේ.




ජාතික මැතිවරණ කොමිසමේ ඉල්ලීමක් වී ඇත්තේ මැතිවරණ රාජකාරී සඳහාද පාසල් යොදාගන්නට අදහස් කර ඇති බැවින් හා දුරබැහැර පදිංචි ගුරුවරුන් ඡන්දය ලබාදීමට නිවාඩු ගන්නා බැවින් පාසල්වල වැඩකටයුතු එම දිනවල සිදුකිරීම අපහසු වියහැකි බවයි.
කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ ඒ ගැන සලකා බලන නමුත් පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවය.
මෙම ඉල්ලීමට අදාළ කරුණු පරීක්ෂා කර පාසල් නිවාඩු සම්බන්ධ ඉදිරියේදී තීරණයක් ගන්නා බවද අමාත්‍යාංශය දන්වා ඇත. මේ අතර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන් වූ පසු ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීම ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබුණි.