A-couple-who-befriended-people-and-robbed-them-unconscious-was-arrested

දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­වල පුද්ග­ල­යන් හා මිතුරු වී ඔවුන් හා එක්ව ආහාර පාන ගෙන ඒවාට කිසි­යම් පෙති වර්ග­යක් කල­වම් කොට සිහි මූර්ජා වීමට සලස්වා ඔවුන් සන්ත­කයේ ඇති රන් භාණ්ඩ, මුදල් හා දේපල කොල්ල­කෑ­මට පුරු­දුව සිටි රජයේ මුද්‍රණ දෙපා­ර්ත­මේ­න්තුවේ කාර්යාල කාර්ය සහා­ය­ක­යකු හා ඔහුගේ අනි­යම් බිරිය අත්අ­ඩං­ගු­වට ගත් බව බස්නා­හිර පළාත දකුණ අප­රාධ කොට්ඨා­සය පව­සයි.

ඒ සමඟ සිහි මූර්ජා කිරී­මට භාවිත කළ හඳුනා නොගත් මත්පෙති 15, ත්‍රිරෝද රථය, ජංගම දුර­ක­තන හත­රක්, රුපි­යල් ලක්ෂ 27ක් වටිනා රන් භාණ්ඩ පොලිස් භාර­යට ගෙන ඇත.



වැලි­කඩ වාද්දුව සහ කොටුව යන පොලිස් ස්ථාන­ව­ලට මේ හා සම්බන්ධ පැමි­ණිලි ලැබී තිබූ අතර, වැලි­කඩ පොලිස් ස්ථාන­යට ලැබී තිබූ රුපි­යල් ලක්ෂ 15ක් වටිනා දේපළ හා රන් භාණ්ඩ කොල්ල­කෑමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් සිදු කළ විම­ර්ශ­න­ය­කදී බස්නා­හිර පළාත දකුණ අප­රාධ කොට්ඨා­සයේ පොලිස් සැර­යන් (38723) රංජිත් නිල­ධා­රි­යාට ලද තොර­තු­ර­කට අනුව මෙම ජාවා­රමේ සුල මුල අනා­ව­ර­ණය කර ගැනී­මට හැකි වූ බව පැවසේ.

සැක­කාර කාන්තාව රාජ­ගි­රිය ප්‍රදේ­ශයේ පුද්ග­ල­යකු හා මිතුරු වී ඔහුව ඔබේ­සේ­ක­ර­පුර ප්‍රදේ­ශයේ ලැගුම් හල­කට රැගෙන ගොස් බීම බෝතල් දෙකක් ගෙන්වා­ගෙන ඉන් එක් බෝත­ල­ය­කට මත්පෙති දමා ඔහු සිහි මූර්ජා කොට පවුම් 08ක් වටිනා රන්මාල දෙකක් හා ජංගම දුර­ක­තන දෙකක් සොරා­ගෙන පලා­ගොස් තිබුණි. පසුව මෙම කාන්තාව වෙ‍ෙළ­ඳ­ස­ලට ගොස් යළි එන බව හෝට­ල­යට පවසා පලා ගොස් තිබූ අතර, කාන්තාව යළි නොපැ­මි­ණීම හේතු­වෙන් ලැගු­ම්හල් සේව­ක­යන් කාම­රය පරීක්ෂා කිරී­මේදී පුද්ග­ල­යකු සිහි මූර්ජා වී සිටිනු දැක තිබේ. පසුව මේ බවට පොලි­සිය දැනු­වත් කිරී­මෙන් පසුව ප්‍රති­කාර සදහා ඔහු රෝහ­ල්ගත කළ අතර, පියවි සිහි­යට පැමිණ ඇත්තේ දින තුන­කට පසුව බව පොලි­සිය කියයි.



මීට සම්බන්ධ කාන්තාව රාජ­ගි­රිය උස්වත්ත ප්‍රදේ­ශයේ කුලී නිව­සක රැඳී සිටි­යදී අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ අතර, ඇය­ගෙන් ලද තොර­තු­ර­කට අනුව මෙම ජාවා­ර­මට ආධාර අනු­බල දුන් ඇයගේ අනි­යම් සැමියා සිය සේවා ස්ථාන­යේදී ත්‍රිරෝද රථය ද සමඟ අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ බව පොලි­සිය පව­සයි.

ඉන්ප­සුව දෙදෙ­නා­ගෙන් සිදු කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී ඉකුත් මැයි 31දා වාද්දුව ප්‍රදේ­ශයේ අඹු­සැමි යුව­ළක් හා මිතුරු වී ඔවුන්ගේ පුතාට රැකි­යා­වක් ලබා දෙන බව පවසා නිව­සට පැමිණ තිබූ අතර, එහිදී සෑදූ කිරි කෝප්ප දෙක­කට මත්පෙති දමා සිහි මූර්ජා­කොට ඔවුන් සන්ත­කයේ තිබූ රුපි­යල් ලක්ෂ හයක් වටිනා රන්මා­ල­යක් මුදු දෙකක් හා කරාබු යුග­ල­යක් කොල්ලකා පලා ගොස් තිබුණි.

ඒ අනුව තව­දු­ර­ටත් ප්‍රශ්න කිරී­මේදී ඉකුත් මැයි 11දා සැක­කාර කාන්තාව මොර­ටුවේ සිට කොල්ලු­පි­ටිය දක්වා ත්‍රිරෝද රථ­ය­කින් කුලී ගම­නක් යන මුවා­වෙන් පැමිණ මුහුදු මාර්ගයේ අතුරු පාරක ත්‍රිරෝද රථය නවතා රියැ­දුරු හා මිතුරු වී දෙදෙ­නාට අයි­ස්ක්‍රීම් දෙකක් මිල­යට ගෙන ඉන් එක­කට මත්පෙති දමා රියැ­දු­රුට දී ඔහු එය ආහා­ර­යට ගැනී­මේදී ඔහුගේ සිහි මූර්ජා වීමත් සමඟ ඔහු සන්ත­කයේ තිබූ පවුම් එක­හ­මා­රක රන්මා­ල­යක් හා රුපි­යල් 7,500ක් කොල්ලකා පලා ගොස් ඇති බවට තොර­තුරු අනා­ව­ර­ණය වූ බව පැවසේ. පසුව දෙදෙ­නා­ගෙන් ලද තොර­තු­රු­ව­ලට අනුව ගාල්ල, කොල්ලු­පි­ටිය, නුගේ­ගොඩ, බොරැල්ල ඇතුළු ප්‍රදේශ ගණ­නා­ව­කට උකස් කර තිබූ රන් භාණ්ඩ හා දේපළ සොයා­ගෙන ඇත.



රජයේ මුද්‍රණ දෙපා­ර්ත­මේ­න්තුවේ කාර්යාල කාර්ය සහා­ය­ක­යකු ලෙස සේවය කරන සැක­කරු සේවය නිමවා සිය ත්‍රිරෝද රථ­යෙන් බොරැල්ල ප්‍රදේ­ශයේ කුලී ගමන් යද්දී මීට මාස 07කට පෙර කාන්තාව හා මිතුරු වී රුපි­යල් 17,000ක කුලි­යට මෙම නිවසේ අඹු­සැ­මි­යන් ලෙස වාසය කර ඇතැයි විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී තිබේ. විවා­හ­ක­යකු වන සැක­ක­රුට කුඩා දරු­වන් දෙදෙ­නකු සිටින බවත් සැක­කා­රිය ද විවා­හක බවත් අනා­ව­ර­ණය වී තිබේ.

සැක­ක­රුගේ මෙහෙ­ය­වීම මත ගණිකා වෘත්තියේ යෙදෙ­මින් කාන්තාව මෙම ජාවා­රම කර­ගෙන ගොස් ඇති බව පැවැසේ. පොලිස් භාර­යට ගත් මත්පෙති හඳුනා ගැනීම සඳහා රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත යොමු කිරී­මට නිය­මිත අතර, සැක­කාර කාන්තාව පෑලි­ය­ගොඩ සහ මර­දාන ප්‍රදේ­ශ­වල සිදු කළ මෙවැ­නිම සිද්ධීන් තුනක් සම්බ­න්ධ­යෙන් අලු­ත්කඩේ අධි­ක­ර­ණයේ නඩු ක්‍රියා­ත්ම­කය.

අත්අ­ඩං­ගු­වට පත් අහං­ගම (43) සහ නුවර (32) පදිං­චි­ක­රු­වන් වන අනි­යම් යුවළ අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරීම සඳහා වැලි­කඩ පොලි­සි­යට (13) දා භාර දීමට නිය­මි­තව තිබුණි. සිද්ධිය සම්බ­න්ධ­යෙන් බස්නා­හිර පළාත දකුණ අප­රාධ කොට්ඨා­සයේ අධ්‍යක්ෂ සහ­කාර පොලිස් අධි­කාරි ජනක කුමාර මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ, එහි ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක සුමිත් ජය­සිංහ මහ­තාගේ උප­දෙස් මත ඒකක 02 භාර ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක චින්තක දස­නා­යක මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් පොලිස් සැර­යන් (38723) රංජිත්, (60161) වසන්ත, (73067) අනු­රාධ, පො.කො (83774) සුදීර කා.පො.කො (9006) අනූෂා ඇතුළු නිල­ධා­රීහු වැට­ලීම සිදු­කොට ඉදිරි පරී­ක්ෂණ පව­ත්වති.
( කොට්ටාව - ප්‍රදීප් කුමාර, මීගොඩ - පී.කේ. කත්‍රි­ආ­රච්චි)