ස්වර්ණවාහිනී නාලිකාවේ සතිපතා විකාශය කළ 'හිතඉල්ලන තරු' වැඩසටහන වසර දෙකක පමණ කාලයක් ඉදිරිපත් කරමින් සිටි බුද්ධික රඹුක්වැල්ල මහතා එම වැඩසටහනින් ඉල්ලා අස්වූ බව ඔහු ප්‍රකාශ කරයි. ඒ අනුව ලබන සතියේ සිට එම වැඩසටහනට ඔහු සම්බන්ධ නොවේ.
සුදා යූටියුබ් නාලිකාව වෙත ප්‍රකාශයක් කරමින්
බුද්ධික කියා සිටියේ තමා හැකි උපරිමයෙන් එම වැඩසටහන සාර්ථක කරගන්නට උත්සාහ කළ නමුත් කිහිපදෙනෙකුගේ කැපිලි කෙටිලි නිසා තමා ඉවත්වූ බවයි. රූපවාහිනියෙන් විකාශය වන චැට් වැඩසටහන් අතර ප්රකටව පැවති මෙම වැඩසටහන පසුගියදා සම්මාන ද්විත්වයකටද හිමිකම් කී බව කියන බුද්ධික තමන්ගේ ජයග්‍රහණ නොරිස්සූ පිරිසකගේ ඊර්ෂ්‍යාවටද ලක්වූ බවයි. තමා ස්වර්ණවාහිනී නාලිකාවේ අභ්‍යන්තර රැකියාවක් නොකර බාහිරව ඊට සම්බන්ධවෙමින් මෙම වැඩසටහන ගෙන ආ නිසා තමාව ඉවත් කිරීමට හෝ තමාට වැඩසටහන අතැර ඉල්ලා අස්වන්නට හෝ ඉතා පහසුවෙන් හැකිවූ බවද ඔහු පැවසීය.
වැඩසටහනට ශිල්පීන් තෝරාගැනීමේදී හා එම අන්තර්ගතයන් සම්බන්ධයෙන්ද ගැටලු පැවති බවත් තමන් තමන්ට ආවේනික ආකාරයට අන්තර්ගතයන් සපයද්දී අප්‍රකට අය ප්‍රකට කිරීමට විවිධ ප්රයත්න පැවති බවත්
වැඩකට නැති වීඩියෝ කොටස් රැගෙන එමින් විවිධ අය තමන් ජනප්‍රිය කරදෙන ලෙස ඉල්ලීම් පවා කර තිබූ බවත් පැවසීය.
කෙසේ වෙතත් තමන් එහි ගුණාත්මක භාවය රැක ගැනීමට වෙහෙසුන බවත් ඊට අවසානයේ ඉඩක් නොලද බවත් ඔහු පැහැදිලි කළේය.
0 Comments