bulathkohupitiya-kovil-incident

බුල­ත්කො­හු­පි­ටිය ලෑවල කෝවි­ලක ඉදි කෙරෙ­මින් පව­ති­න ­ගො­ඩ­නැ­ඟි­ල්ලක තිබී ගෙල වැල­ලා­ගෙන දිවි නසා­ගත් පුද්ග­ල­ය­කුගේ සිරු­රක් හමුව තිබේ.



මෙලෙස මිය­ගොස් ඇත්තේ බුල­ත්කො­හු­පි­ටිය පොලිස් වසමේ කර­ද­වත්ත අරු­ග්ග­ම්මන ලිපි­නයේ පදිං­චිව සිටි 47 හැවි­රිදි හේවා­පේ­ඩිගේ උපුල් පත්ම කුමාර නමැති තිදරු පියෙකි.

මිය­ගොස් ඇති තිදරු පියා තදින්ම මත්පැන් පානය කිරී­මට ඇබ්බැ­හිවී ඇති බවත් ඉකුත් 20 වැනිදා රාත්‍රි පහ­ළට ගිහින් එන්නම් යැයි බිරි­යට පවසා නිව­සින් පිටව ගොස් ඇති බවත් පොලි­සිය පැව­සීය.

නි‍ෙවසේ සිට කිලෝ­මී­ටර් 2ක් පමණ ඈතින් ලෑවල අංක 02 කොටස වත්ත පිහිටා ඇති බවත් එම වත්තේ අලු­තින් ඉදි කර­මින් පව­තින ගොඩ­නැ­ඟි­ල්ලක ගෙල වැල­ලා­ගෙන සිටින අයුරු (පෙරේදා) 21 වැනිදා පෙර­ව­රුවේ අසල වත්තක පුද්ග­ල­යකු දැක ඥාතීන්ට පවසා බුල­ත්කො­හු­පි­ටිය පොලි­සි­යට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කර තිබුණු බවත් පොලි­සිය පැව­සීය. පැමි­ණි­ල්ලට අනුව ලෙව­න්ගම හදිසි මරණ පරී­ක්ෂක ඒ.ජී. සෝම­සේ­කර මහතා හා බුල­ත්කො­හු­පි­ටිය පොලි­සියේ පොලිස් සැර­යන් ධර්ම­සිරි (48724) සිද්ධිය වූ ස්ථාන­යට පෙරේදා (21) ගොස් මූලික පරී­ක්ෂණ සිදු කර වැඩි­දු­ර­ටත් පරී­ක්ෂණ සඳහා දේහය කෑගල්ල මහා රෝහල වෙත භාර කෙරිණ.

කෑගල්ල මහා රෝහලේ සහ­කාර අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරි වෛද්‍ය සුරංග කුල­තුංග මහතා විසින් ඊයේ (22 ) පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කිරී­මට නිය­මි­තව තිබුණි.
(කෑගල්ල චමින්ද ජය­ලත් , ගාමිණී රම්‍ය­පාල)