champika-ranawaka-speaks

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ කෝටියක් මාලිමාවට කියමින් ආ කට්ටිය දැන් සියයට 42 ක් ඡන්ද ලබාගෙන සුළුතර ප්‍රතිශතයකින් ජනපති වීමේ ගැටලුවක සිරවී ඇති බවයි.එසේම ගණං කරන නිලධාරීන් කියන්නටත් පෙර දෙවැනි මනාප ගණන් කිරීමේ සිද්ධියක් නිසා තමා පැමිණිල්ලක්ද කළ බවයි.
මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් පවසා සිටියේ
"ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර 2024 ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙකුට 50% පරම බහුතරය ලබාගැනීමට නොහැකිව

මේ වනවිට දෙවන මනාපය ගණනය කිරීම ආරම්භ කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතා නිල වශයෙන් දැනුම් දුන්නා.

මෙහිදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට රට පුරා විශාලා රැල්ලක් ඇතිබවට පෙනී ගියද ඒ මහතාට 42% සුළුතර ප්‍රතිශතයක් පමණක් ලබාගැනීමට හැකිව තිබෙන්නෙ. එමෙන්ම සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට 32% ප්‍රතිශතයක් ලැබී තිබීම හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර නැවත තරඟය පවත්වනවා.

මෙහිදී මැතිවරණ කොමිෂන් සභාව විසින් නිලවශයෙන් දෙවන මනාපය ගණනය කිරීම ආරම්භ කිරීමට පැවසීමට පෙර ඇතැම් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල ගණන් කිරීමේ නිලධාරීන් විසින් දෙවන මනාපය ගණනය කිරීම සිදු කර ඇති බවට පැමිණිල්ලක් මැතිවරණ කොමිසම වෙත සමගි ජන සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ මා විසින් කරනු ලැබුනා.



ඒ පිළිබඳව සොයා බැලූ මැතිවරණ කොමිෂන් සභාව එම ගණන් කිරීම් අවලංගු කොට නැවත මුල සිට දෙවන මනාපය ගණනය කිරීමට නියෝග නිකුත් කොට තිබෙනවා.
 

මාලිමාවට කෝටියක් නැහැ, 84 ලක්ෂයක් විරුද්ධයි. නමුත් මෙතැන්දි වැඩි මනාප කවුරුන් ලබා ගත්තද ඔහුට සුබ පතනවා. ගණන් කිරීමේ නිලධාරීන් විසින් සිදුකර ඇති මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ක්‍රියාව නිසා සජිත් අපේක්ෂකයාට යම් අසාධාරණයක් සිදුවේය යන සැකය නිසාවෙන් මෙම පැමිණිල්ල මැතිවරණ කොමිසම වෙත සිදුකරනු ලැබූවා."