damitha-speaks

පසුගිය ජනපතිවරණ වේදිකාවේ සජබ අපේක්ෂක සජිත් ප්‍රේමදාස දිනවීම වෙනුවෙන් කථා කළ රංගන ශිල්පිණී දමිතා අබේරත්න ජනපතිවරණ පරාජයෙන් පසු මෙසේ කියා තිබේ.

"ඕනෑම තරගයක් වුනොත් ජය පැරදුම දෙකක් තියෙනවනෙ ..
ඉතින් ඒ අටලෝ දහමට පුරුදු මිනිස්සු අපි ආගමක් දහමක් තියෙනවා. ඉතින් අනිත් අයට බැරි වුණාට අපිට ජයග්රහණය පරාජය දෙකම දරා ගන්න පුළුවන්.
 ජයගනී කියලා හිතුවා හැමෝම තරගයට යන්න දිනන්නනෙ පරාජය වෙන්න නෙමේනෙ. ඒත් ජය ගත්තේ නෑ. හැබැයි මේ පරාජය කියලා බාර ගන්නෙත් නෑ.

හිටපු ජනාධිපතිතුමා. රනිල් වික්රමසිංහ මහත්මයා තරගයට ආවේ නැත්තං අපි දිනුම්.
මං හිතන්නේ එයාගේ බලාපොරොත්තුව තියෙන්නේ ආයි රටේ අරගලයක් ඇති කරලා එයාට ජනාධිපතිවරයා වෙන්ඩ මේ පිහිටෙන්
යන්න ඉස්සෙල්ල කියලා ගියා. දැනට මං ගියත් අනාගතයේ මාව ඕන වෙයි එතකොට මට කතා කරන්න මම සූදානම් කියල.

අපි රට වෙනුවෙන් අරගල කරන්න ගියාට පස්සෙ කවුරුත් අපි වෙනුවෙන් ආවෙ නැහැනෙ.
ඒ නිසා මං හිතන්නේ නැහැ මෙරටේ අරගල කරන්න පුළුවන් වෙයි කියලා.


අරගලේ වාසිය මං හිතන්නෙ ජවිපෙ  ගත්තා. මොකද ඒ ගොල්ලෝ අරගල කරන්න එපා. අරගල කරන්නේ පිස්සො කියලා කිව්වට අරගලය වාසී ගියා මාලිමාවට.
දුකක් නැහැ. අපි ඔක්කොම එකතු වෙලා අරගලේ කරේ.සියලු දෙනාටමත් පාට පක්ෂ තියෙනවා. මගේ මතයකවදත් සජිත් ප්රේමදාස මැතිතුමා සහ සමගි ජන බලවේගයේ මතයයි.

දැන් ඔහොම පාලනය භාරගත්තට මිනිස්සු එපා කියපු දේවල් ඒගොල්ලන්ටත් කරන්න සිද්ධ වෙනව. එතකොට තමයි ඒගොල්ලන්ට තේරෙන්නේ. රාජ්යතාන්ත්රිකව ඉන්නවා ඉන්නකොට ඒ වගේ දේවල් කරන්න සිද්ද වෙනවා කියල ඒක  වැරදි නෑ කියල එතන මං කියන්නේ දැන් කෑගහන්න එපා .
මං කියන්නෙ මෙච්චරයි මෝටර් සයිකල් ඒකට ලයිසන් එකක් දීපු මනුස්සයෙක්ට ප්ලේන් එකක් අරන් එන්න කිව්වොත් මොකද වෙන්නෙ බලන් ඉමු.
අවශ්‍ය වෙලාවක පාරට බහින්න බය නැහැ. අපි අරගල කරපු මිනිස්සු ආයි පුරුදු කරන්න ඕනෑ අපිව."