dehiattakandiya-incident

 තම වැඩිමල් පුතාගේ බාල වයස්කාර බිරිඳ සමග අනියම් පෙමකට අරගල කළ පියෙක් තියුණු ආයුධ වලින් පහරදී තම පුතා ඝාතනය කිර්මේ සිදුවීමක් දෙහිඅත්තකණ්ඩිය සේරුපිටියේ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.මෙම සිදුවීමෙන් මිය ගොස් ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය, සේරුපිටිය පදිංචිව සිටි රාජපක්ෂ දේවයාලාගේ සඳුන් නිමන්ත (අවු 23)නමැති අයෙකි. මියගිය අයගේ බිරිඳ(වයස අවුරුදු 15 මාස 09) තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

තම සැමියාගේ පියා තමන්ට අයුතු යෝජනා කළ බව 29 දා රාත්‍රියේ නිවසට පැමිණි සඳුන් නිමන්තට ඔහුගේ බිරිඳ පවසා ඇත.


එදින රාත්‍රි 9 සිට අලුයම 02 පමණ දක්වා පියා හා පුතා මේ සිදුවීම මුල්කොටගෙන ගැටුමක් ඇති වී තිබේ. පසුගිය 30දා අලුයම තියුණු ආයුධයකින් පහරදී පුතා ඝාතනය කර ලේලියටද තුවාල සිදුකොට ඇත. මෙම ඝාතනයට සැකකරන රාජපක්ෂ දේවයලාගේ සුමතිපාල (අවුරුදු 47) නමැති අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විශේෂඥ වෛද්‍යවරයෙකු මගින් වෛද්‍ය පරීක්ෂණය පවත්වා වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

 සම්පත් රණතුංග