දෙහිවල ලියනගේ පාරේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට මෙහෙකාර සේවයට ගිය දිනයේම රුපියල් ලක්ෂ 85කට ආසන්න වටිනා රන් ආභරණ තොගයක් සොරා ගත් කාන්තාව රත්මලාන දුම්රියපොළ අසලදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි තැනැත්තියක මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
සැකකාරියගෙන් සිදු කළ ප්‍රශ්න කිමේදී වළලු දෙකක්, පෙන්ඩනයක්, මාලයක් , මුදු හා උණු කරන ලද ග්‍රෑම් හතළිහක බරින් යුත් රත්තරන් පොලිස් භාරයට ගෙන තිබේ.
අදාළ සොරකම පිළිබඳ පැමිණිලි කිර්මෙන් පසු ඒ පිළිබඳ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන් ජයතුංග නිලධාරියාට ලද තොරතුරකට අනුව සැකකාරිය රත්මලාන දුම්රියපොළ අසලදී අත්අඩංගුවට ගෙන තිබිණි. අනතුරුව ඇගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරා ගත් රන් අභරණවලින් විශාල කොටසක් පිටකොටුව හෙට්ටි විදීය ප්‍රදේශයට විකුණා ඇති බවට අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.
ඒ වනවිටත් එම රන්අභරණ උණු කර තිබූ අතර සැකකාරියගේ නිවසේ සඟවා තිබූ තවත් රන්අභරණ තොගයක්ද සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය සඳහන් කරයි. සැකකාරිය මේ ආකාරයෙන් පුවත්පත්වල පළ කර තිබූ දැන්වීම් අනුව ඉකුත් මසදී පමණක් නිවෙස් වල මෙහෙකාර සේවයට හා ගොස් හොරණ සහ මිර්හාන නිවෙස් දෙකක මුදල් සහ රන් අභරණද සොරාගෙන තිබූ බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලීසිය සඳහන් කරයි.සැකකාරිය පුරුද්දක් ලෙස මෙම සොරකමට යොමු විම හේතුවෙන් අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් ද පනවා තිබේ.
මේ අතර එම තහනම ඉවත් කර දෙන බව පවසා ඇයගෙන් විදේශගතව සිටින කාන්තාවක් අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලයකුගේ නමට තිබෙන බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ විසිපහක මුදලක් ගිණුම්ගත කරගෙන තිබූ බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.ඇය මිට පෙරද පොලිසි ගණනාවක් මගින් මෙම වරදටම අත්අඩංගුවට ගත් තැනැත්තියක් බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
0 Comments