dalada-maliga-wedding

රංගන ශිල්පී දෙව්නක පෝරගේ පසුගියදා සංගීත ශිල්පිණී  හෂිනි වෑදණ්ඩ සමග විවාහ ගිවිස ගෙන තිබු අතර මොවුන් දළදා මාළිගාව ආශ්‍රිතව ලබාගත් මංගල ඡායාරූප සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කථාබහක් පැනනැගිණ.
මෙවර සතිඅන්ත පුවත්පතකට රංගන ශිල්පී දෙව්නක මේ ගැන අදහස් පළ කර තිබෙන්නේ මෙසේය.



විවාහ ගිවිස ගැනීමෙන් පසු ගත් ජයාරූප කිහිපයකට සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා, ඒ ගැන කියන්න දෙයක් ඇති?


ඔව්. අපි විවාහ ගිවිස ගැනීමෙන් පස්සේ කෙළින්ම ගියේ දළඳා මාලිගාවට. ඒ ගිය වෙලාවේ අපි ෆොටෝ කිහිපයක් ගත්තා. එහෙම නැතුව අපි එතැන ෆොටෝ ෂූට් එකක් කළේ නැහැ. හැබැයි අපේ ෆොටෝ කරපු ලක්මාල් සිංහාරගේ අයියා ඇල්බම් එකට ඒ ෆොටෝ ටිකත් දාලා තිබ්බා.

ඒ ෆොටෝ ටික ගැන තමයි මිනිස්සු ප්‍රශ්න කරන්නේ. දලඳා මාලිගාවටවත් දළදා වහන්සේටවත් කිසිම අගෞරවයක් වෙන විදියට ෆොටෝ අරන් නැහැ. හෂිනිගේ ඇඳුම වුණත් හැම තැනින්ම වැහිලා. මම වුණත් සුදු සරම ඇඳලා ඉන්නේ. අපි පිටුපාලා ගත්තෙත් නැහැ. මට නම් ඒ ගැන කියන්න තියෙන්නේ මෙච්චර බෞද්ධ රටක් වෙලා ඇයි මේ වගේ හිතන්නේ කියන කලකිරීමක්. ඔය මානසිකත්වය නිසා තමයි අපේ ශිෂ්ටාචාරය එක තැන තියෙන්නේ. අපිට අපේ දේ ලෝකෙට පෙන්නන්න බැහැ. උදාහරණයක් හැටියට තායිලන්තය ගත්තම තායිලන්තයේ බුදු දහම ගැන හැමෝම දන්නවා. තමන්ගේ උරුමය තමන්ගේ ශිෂ්ටාචාරය පෙන්වනවා. ඒ අය ලෝකෙට විවෘත වෙලා ඉන්නේ. ඒ හරහා සංචාරකයින් ඇවිත් බලනවා.

අපේ තියෙන ප්‍රශ්නය තමයි අපි ගත්ත ඒ ෆොටෝවලට අපි බෞද්ධ කියන භක්තිය ඉස්සරහට දාගෙන ඉන්න අය බණිනවා. අපේ මිනිසුන්ගේ බෞද්ධකම එතැන කෝ කියන ප්‍රශ්නය තමයි මට තියෙන්නේ.

අස්ගිරිය පැත්තම තෝරා ගන්න විශේෂ හේතුවක් තිබ්බ ද?

අස්ගිරිය මහා පිරිවෙන තෝරා ගන්න හේතු වුණේ එහි මහා නායක හාමුදුරුවෝ අපේ තාත්තා එක්ක ගොඩක් හිතවත්. ඒ එක්කම නාරම්පනාවේ විමලධර්ම අනුනායක හාමුදුරුවෝ එක්ක මම ගොඩක් හිතවත්. ඒ නිසා තමයි ඒ පන්සල තෝරා ගත්තේ.