එංගලන්තය සමගින් තරග ද්විත්වයේදීම ශ්‍රී ලංකා පළමු ඉනිම කඩා වැටීම පරාජයට හේතුවූ බව ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පැවසීය. තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය. ‘අපි ටෙස්ට් මැච් එකක් දිනන්න නම් පළමු ඉනිම තමයි වැදගත්ම. අපි පන්දුවට පහරදුන්නත්, පන්දු රැක්කත් වඩාත් හොඳින් එය කළ යුතුයි. තරග දෙකේදීම අපි පන්දුවට පහරදුන්නත්, පන්දු යැව්වත් හොඳින් කරගන්න බැරි උනා. මම දැනුත් කණ්ඩායමට කියන්නේ පළමු ඉනිම හොඳින් ක්‍රීඩා කළාම දෙවැනි ඉනිම ලේසි වෙනවා කියන එක. අපි පළමු ඉනිමේදී අඩු තරමින් 320 ක් වත් ලබාගත යුතුයි.
හැමෝටම මෙහෙ ඇවිල්ල ලකුණු ලබාගැනීම එතරම් ලේසි නෑ. පිතිකරුවන් ලකුණු සියය හෝ 150 දක්වා ලබාගත යුතුයි.
අවසන් තරගයේදීවත් අපි පළමු ඉනිම මීට වඩා හොඳින් කරන්න බලාපොරොත්තු වෙනවා.' යැයිද ඔහු පැවසීය.මේ අතර දෙවැනි තරගයේ ශ්‍රී ලංකාවෙන් තරගය ගිලිහී යාම සම්බන්ධයෙන්ද ධනංජය මෙහිදී අදහස් දැක්වීය.‘මම හිතන්නේ පළමු දිනයේදී තේ පානය වෙනකන්ම අපි ඉදිරියෙන් සිටියා’
එවිට එංගලන්ත කණ්ඩායම ලකුණු 230 කට කඩුලු 6 ක් දැවී ගොස් තිබුණා. නමුත් ඉන් පසුව පන්දුව මෘදු උනා. රූට් හොඳින් ලකුණු ලබා ගත්තා.
එතනදි තමයි අපිට තරගය මගහැරුණේ යැයිද හෙතෙම පැවසීය. එමෙන්ම එංගලන්ත තත්වයන්ට හුරු වීමට තරමක් කල් ගතවන බවත්, එවැනි අවස්ථා වලට හුරු ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ අඩු වීමද තරග පරාජයට හේතුවක් වූ බවත් මෙහිදී ධනංජය වැඩිදුරටත් පැවසීය.
0 Comments