ඕස්ට්‍රෙලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු 52 හැවිරිදි දුලිප් සමරවීර සහ ක්‍රීඩිකාවක අතර ඇතිවූ ගැටලුවක් සම්බන්ධ විමර්ශනය කිරීමෙන් පසු ඔහු ඇයට "බලහත්කාර" කම් කර ඇති බවට හෙළිවීමත් සමඟ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය දුලිප් සමරවීරට වසර 20ක තහනමක් පනවා තිබේ.
1993 සිට 1994 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග හතකට සහ එක්දින තරග පහකට ක්‍රීඩා කළ සමරවීර, ඉදිරි දශක දෙක තුළ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිදු තනතුරක් දැරීමට සුදුසුකම් නොලබයි. මෙම තහනම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ මෑත කාලයේ ලබා දුන් දරුණුම දඩුවම් වලින් එකක් නියෝජනය කරන බවත් ක්‍රීඩාවේ විෂමාචාර දුරලා ගෞරවනීය සංස්කෘතියක් ඇති කිරීමට හේතුවන බවත් ඕස්ට්‍රෙලියානු මාධ්‍ය විස්තර කර තිබේ.
දුලිප් සමරවීර තමන් යටතේ පුහුනුව ලබමින් සිටි ඕස්ට්‍රෙලියානු ජාතික ක්‍රිඩිකාවට ලිංගික හැසිරීම් සඳහා බලපෑම් කර තිබෙන අතර ඇය එකඟ නොවන්නේ නම් ඇයට කණ්ඩායමේ ඉදිරියට යාමට නොහැකි ආකාරයේ පරිසරයක් සකසා තිබූ බව පරීක්ෂණ වලදී අනාවරණය විය.
කාලයක් තිස්සේ ඇයට මෙම පීඩාව පැවති බවත් ඇය ඉවසන්නට බැරිම තැන පැමිණිලි කර තිබූ බවත් වාර්තාවිය.
පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් එරට මාධ්‍ය කාන්තාවගේ නම හෙළිකර නැත.
වික්ටෝරියා කණ්ඩායමේ ප්‍රධාන විධායක නික් කමින්ස් වින්දිත ක්‍රීඩිකාවගේ ධෛර්යය හා හැකියාව පැසසුමට ලක් කර තිබෙන අතර
“මෙම සංසිද්ධියෙහි වින්දිතයා කතා කිරීමේදී ඇදහිය නොහැකි තරම් ඉවසීමක් සහ ධෛර්යයක් පෙන්නුම් කර ඇති බව පෙන්වයි. පිටියේදී සහ ඉන් පිටතදී ඇයගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඇයට අපගේ අඛණ්ඩ සහයෝගය දිගටම ලැබෙනු ඇත ” යනුවෙන් කමින්ස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
2023 නොවැම්බර් මාසයේ සිට සමරවීර අන්තර්කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කර ඇති අතර සමරවීර 2024 මැයි මාසයේදී සහෝදරයන්ට පක්ෂපාතීවීම යන වෙනත් වරදක් නිසා ගැටලු පැනනැගුණ පසු සිය භූමිකාවෙන් ඉල්ලා අස්වී තිබුණේ රැකියාවේ උසස්වීමක් පෙනි පෙනී තිබියදීය.
වික්ටෝරියා ප්‍රාන්ත නීති උල්ලංඝනය කරමින් තම සහෝදරයා වන තිලාන් සමරවීර කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස බඳවා ගැනීමට ඔහු දැක්වූ කැමැත්ත හේතුවෙන් එම දඩුවමට ලක්වූ අතර ඔහුගේ අපයෝජන චෝදනා ගොනුවූයේ ඉන් පසුවය.
වයස අවුරුදු 52ක් වන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඉන්දියා A කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියා A කාන්තා කණ්ඩායමේ පුහුණුකරු තනතුර භාර ගැනීමට නියමිතව සිටියද, මෙම චෝදනා මතුවූ වහාම ඔහු එම තනතුරෙන් ඉවත් කරන ලදී.
කාන්තාවකට බලහත්කාර කම් කරන්නට යාම හා එය ඇපයට තබා කාන්තාවගේ අනාගත අවස්ථා අහිමි කිරීමට තර්ජනාත්මක පීඩාවක් ඇති කිරීම දුලිප් සමරවීර කර තිබූ වරදයි.
සමරවීරගේ හැසිරීම චර්යාධර්ම සංග්‍රහයේ 2.23 වගන්තිය උල්ලංඝනය කර ඇති බව විමර්ශනයේදී තහවුරු විය. විෂමාචාරය පිළිබඳ නිශ්චිත තොරතුරු සම්පූර්ණයෙන් හෙළිදරව් කර නොමැති නමුත්, ඔහුගේ ක්‍රියාවන් 'නුසුදුසු සහ බලහත්කාර ස්වභාවයක් ' ලෙස මාධ්‍ය ආයතන වෙත දන්වා තිබේ.
ඕස්ට්‍රෙලියාවේදී බාහිර කාන්තාවක අපයෝජනයට ලක්කිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකද පසුගිය කාලයේ එරට මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක පුවත් නිර්මාණය කළ අයෙකි.
0 Comments