election-bail

2024 වසරේ පැවැති 9 වන ජනා­ධි­ප­ති­ව­රයා තෝරා ගැනී­මට ඉදි­රි­පත්වූ අපේ­ක්ෂ­ක­යන් 38 දෙනා අත­රින් ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් තිදෙනා හැර අනෙක් අපේ­ක්ෂ­ක­යන් 35 දෙනෙ­කුගේ ඇප මුදල් රාජ­ස­න්තක වන බව මැති­ව­රණ කොමි­සම සඳ­හන් කරයි.



ඒ අනුව ජනා­ප­ධි­ති­ව­රයා ලෙස තේරි පත් වූ අනුර කුමාර දිසා­නා­යක මහතා,සජිත් ප්‍රේම­දාස මහතා සහ රනිල් වික්‍ර­ම­සිංහ මහතා හැර අනෙ­කුත් අපේ­ක්ෂ­ක­යන්ගේ ඇප මුදල් රාජ­ස­න්තක වී ඇත.



මෙලෙස ඇප මුදල් අව­ලංගු වී ඇත්තේ නාමල් ලක්ෂ්මන් රාජ­පක්ෂ 342781, අරි­ය­නේ­ත්‍රන් පාක්‍ය­සෙ­ල්වම් 226343, දිලිත් ජය­වීර 122396, සරත් ෆොන්සේකා 22407, අනු­රුද්ධ රොෂාන් රණ­සිංහ 4205, ජනක රත්නා­යක 2405ක් මහ­ත්ව­රුන් ඇතුළු අපේ­ක්ෂ­ක­යන් 35 දෙනෙ­කු­ගේය.

2024 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත්වූ ජන­ප­ති­ව­රණ අපේ­ක්ෂ­ක­යන් අත­රින් දිව­යි­නෙන්ම අඩුම ඡන්ද ප්‍රමා­ණ­යක් ලබා­ගෙන ඇත්තේ ඡන්ද 1860ක් ලබා ගත් ඒ.එස්.පී. ලිය­නගේ මහ­තාය. එය ප්‍රති­ශ­ත­යක් ලෙස 0.01කි.

සරත් මන­මේන්ද්‍ර ඡන්ද 1911ක් ලබා ගනි­මින් 0.01ක ප්‍රති­ශ­ත­යක් හිමි කර­ගෙන ඇත.

මයි­ල්වා­ග­නම් තිල­ක­රාජා ඡන්ද 2138 (0.02), ජනක රත්නා­යක 2405ක් (0.02), වල්ලි­මුල් කපු­ග­මගේ අනුර සිඩ්නි ජය­රත්න 2799ක් (0.02) ලලිත් ද සිල්වා 3004ක් (0.02) කේ.ඒ. කුල­රත්න 4013 (0.03), සරත් බණ්ඩා­ර­ණා­යක 4070 (0.03), අනු­රුද්ධ රොෂාන් රණ­සිංහ 4205 ( 0.03), ඔෂල හේරත් ඡන්ද 4253 (0.03), පානි විජේ­සි­රි­ව­ර්ධන 4410 (0.03), කීර්ති වික්‍ර­ම­රත්න 4676 (0.04) මහින්ද දේවගේ 5338 (0.04), පේම­සිරි මානගේ 5822 (0.04), අබු­බ­කර් මොහො­මඩ් ඉන්ෆාස් 6531 (0.05), බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමි 6839 (0.05), සිරි­තුංග ජය­සූ­රිය 8954 (0.07), සිරි­පාල අම­ර­සිංහ 9035 (0.07), වික්ටර් පෙරේරා 10374 (0.08), අජන්ත ද සොයිසා 10548 (0.08), නුවන් බෝපගේ 11191 (0.08), අක්මී­මන දයා­ර­තන හිමි 11536 (0.09), නාමල් රාජ­පක්ෂ 12700 (0.1), ප්‍රියන්ත වික්‍ර­ම­සිංහ 12760 (0.1), අග­ම්පොඩි ප්‍රසංග සුරං­ජීව අනෝජ් ද සිල්වා 12898 (0.1),

කේ.ආර්. ක්‍රිෂාන් 13595 (0.1), සරත් කීර්ති­රත්න 15187 (0.11), අනු­රුද්ධ පොල්ග­ම්පල 15411 (0.12), විජේ­දාස රාජ­පක්ෂ 21306 (0.16) , සරත් ෆොන්සේකා 22407 (0.17), දිසා­නා­යක මුදි­ය­න්සේ­ලාගේ බණ්ඩා­ර­නා­යක 30660 (0.23) , කේ.කේ. පිය­දාස 47543 (0.36), දිලිත් ජය­වීර 122396 (0.92), අරි­ය­නේ­ත්‍රන් පාක්‍ය­සෙ­ල්වම් 226343 (1.7) , නාමල් ලක්ෂ­මන් රාජ­පක්ෂ 342781 (2.57)ක් ලබා­ගෙන ඇත.

ආස­න්නම ජනා­ධි­ප­ති­ව­ර­ණය වන 2019 වසරේ ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­නාට අම­ත­රව අති­රේක අපේ­ක්ෂ­ක­යන් 33 දෙනා­ටම ලබා­ගත හැකි­වූයේ 2.5%ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් පමණි.

ඒ අනුව 2%කවත් ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා ගත නොහැකි ඉතිරි අපේ­ක්ෂ­ක­යන් සියලු දෙනා­ගේම ඇප මුදල් සියල්ල රාජ­ස­න්තක වනු ඇත.