election-commision-speaks

ජනාධිපතිවරණයට දැන් සියල්ල සූදානම්ය. සියලු දෙනා බලාගෙන සිටින ජනාධිපතිවරණය පවත්වන දිනය හෙටයි. ජනාධිපතිවරණයට ඡන්දදායකයා කෙසේ සූදානම් විය යුතුද? පවතින නීති රීති කුමක්ද යන්න පිළිබද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මෙසේ කියයි.


ජනාධිපතිවරණය අත ළඟටම පැමිණ තිබෙනවා. අපේක්ෂකයෝත් දැන් සූදානම් ඡන්දදායකයනුත් සූදානම්. මැතිවරණ කොමිසමේ තිබෙන සූදානම කොහොමද?


ඡන්ද විමසීම දක්වා සූදානම් කරගත යුතු සියලු දේ අප දැන් සැලසුම් කරලා ඉවරයි. ඒ සඳහා අවශ්‍ය වන වන බඩු බාහිරාදිය ඡන්ද පත්‍රිකා සහ අනිකුත් සියලු දේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ලබාදී තිබෙනවා. තේරීම් භාර නිලධාරීන් විසින් අනිකුත් නිලධාරීන් පුහුණු කරලා පත්වී මේ ලබාදී ඡන්ද මධ්‍යස්ථාන සඳහා ඔවුන් යොමු කරන්න විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. ආරක්ෂක විධි විධාන කටයුතු පොලිසියට බාර දී තිබෙනවා. 21 වැනිදාට ඡන්දය ප්‍රකාශ කිරීම හා ගණන් කිරීමට සියලු කටයුතු අපි සූදානම් කර තිබෙනවා.


ලංකාව පුරා ඡන්ද මධ්‍යස්ථාන කීයක් පිහිටලා තියෙනවා ද?


ඡන්ද මධ්‍යස්ථාන 13,421ක් තිබෙනවා. ඊට අමතරව ගණන් කිරීමේ පරිශ්‍ර 49ක් තියෙනවා. ඡන්ද ඡන්ද දායිකාවන් පමණක් වෙන්වූ මධ්‍යස්ථාන   107ක් තියෙනවා. තැපැල් ඡන්ද ගණන් කිරීමේ පරිශ්‍ර 22ක් තියෙනවා. උදාහරණයක් කිවුවොත් ඩී.එස්. සේනානායක විද්‍යාලය කියන්නේ ගණන් කිරීමේ පරිශ්‍රයක්. ඒ යටතේ ඡන්ද ගණන් කිරීමේ ස්ථාන 15ක් පමණ තිබෙනවා.





මේ පාර ඡන්දයේ තරඟකාරීත්වය වෙනදාට වඩා වැඩි වීමක් පේනවද?


පසුගිය ජනාධිපතිවරණ වගේම තමයි.  හැම ජනාධිපතිවරණයකදීම මේ තරගකාරිත්වය තිබුණා.වෙන    විශේෂත්වයක් නැහැ.


මේ දවස්වල විටින් විට වැස්ස ඇදහැලෙනවා. යම් කිසි ආපදාවක් වුණොත් ඊට මුහුණදීමට මැතිවරණ කොමිසම සුදානම් ද?


ජාතික ආපදා මධ්‍යස්ථානය සමග සම්බන්ධවෙලා ඊට අවශ්‍ය කරන සියලු විධි – විධාන විධාන අපි දැනටම අරගෙන තිබෙන්නේ. ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සමග ඒකාබද්ධ වී සියලු වැඩ කටයුතු සූදානම් කර තිබෙනවා. එදිනට පැය තුනෙන් තුනට කාලගුණ විද්‍යා පණිවුඩය ඔවුනට ලබාදීමට ඔවුන් සූදානමින් සිටිනවා. වැස්සෙන් කරදරයක් වෙයි කියල හිතන දිස්ත්‍රික්කවලට බෝට්ටු සේවාවක් සූදානම් කර තිබෙනවා.


පසුගිය මැතිවරණ හා සසඳද්දී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩු බවක් දකින්නට ලැඛෙනවා නේද?


ඒක ඇත්තටම හොඳ ප්‍රවණතාවක්. පැමිණිලි පමණක් නොවේ, අනෙකුත් හැම අංශයකින්ම ප්‍රගතියක් දකින්නට ලැබෙනවා. නීති විරෝධි කටවුට්, සැරසිලි අඩුයි. අපේ මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානය මගින් සෑම ස්ථානයක්ම පොලිසිය මගින් පරීක්ෂා කරලා අනවසර සැරසිලි තිබේ නම් ඉවත් කරනවා.

 

ඒ වගේම නීති විරෝධි මැතිවරණ සම්බන්ධ සියලු දේවල් වැළැක්වීමට කටයුතු කරනවා. අපි ආරම්භක අවස්ථාවේ ඉඳන් ඒ කටයුතු සාර්ථකව කරපු නිසා තමයි අපට මේ ප්‍රගතිය අත්පත් කර ගැනීමට හැකිවුණේ නීති විරෝධි වැඩ වගේම ප්‍රචණ්ඩ ක්‍රියාත් මෙවර අඩුයි.


වෙනදාට වඩා අපේ ඡන්දදායකයාදැන දැනුවත් නේද?


ඡන්දදායකයන් වෙනදාට වඩා උනන්දුයි වගේම දැනුවත්. දැනුවත්. අපිත් මැතිවරණ කොමිසම විදියට හැකි හැම අවස්ථාවකම ඡන්ද දායකයාව දැනුවත් කිරීමට කටයුතු කරනවා. ඉදිරියේදීත් ඒ දැනුවත් කිරීමේ කටයුත්ත අපි කරනවා.




 පොලිස්පතිවරයෙක් නැතිවීම ඡන්ද කටයුතුවලට බාධාවක් වුණාද?


අපට දැනට කිසිදු ගැටලුවක් සිද්ධවෙලා නැහැ. ඒ ඒ පළාත්වල සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු  හරහා  ආරක්ෂාව සම්බන්ධ සියලු කටයුතු සැලසුම් වෙනවා. ඒ නිලධාරීන් නිරන්තරයෙන් මැතිවරණ කොමිසම හා සම්බන්ධව සිටිනවා. ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව වගේම අවසන් ප්‍රතිඵලය සකස් කරන තෙක් අවශ්‍ය සියලුම ආරක්ෂාව අපි යොදා තිබෙනවා.


මැතිවරණ රැස්වීම්වලටමෑන්පවර්' හරහා සෙනග ගෙන ඒම සම්බන්ධව කොමිසම දැනුවත්ද?


ඒ සම්බන්ධව අපට තවම පැමිණිල්ලක් ලැබී නැහැ. මමත් මාධ්‍ය වාර්තා වලින් තමයි ඒ බව දැක්කේ. රැස්වීම්වලට සෙනග අදින ආකාරය ගැන මැතිවරණ කොමිසම එහෙම සොයා බැලීමක් කළේ නැහැ. දැනට ඒ සම්බන්ධව හෙළිදරව් වූ නිසා මේ ගැන ඉදිරියේදී අපි හොයනවා.


දැන් ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන්. ඒත් තවම සමාජ මාධ්‍ය ප්‍රචාරණය නැවතිලා නැහැ නේද?


දැනටමත් සමාජ මාධ්‍යවල ප්‍රචාරණය වන අනවශ්‍ය දේවල් නැවැත්වීමට කටයුතු කර තිබෙනවා. සියලුම ආකාරයේ අපේක්ෂකයන් ප්‍රවර්ධන පෝස්ට් සීමා කිරීමට දැනටමත් වැඩ දැනටමත් වැඩ පිළිවෙළක් යොදා තිබෙනවා. ඒ සම්බන්ධව තිබෙන ආයතන සමග සම්බන්ධවෙලා අපි කටයුතු කරගෙන යනවා.


ෆේස්බුක් පමණක් නොවේ. යූ ටියුබ් හා ටික් ටොක් හරහා කෙරෙන අනවශ්‍ය ප්‍රමාණයක් නැවැත්වීමටත්

කටයුතු කරනවා. ඉදිරියේදී තිබෙන නිහඬ කාලයේදීත් ප්‍රචාරක කටයුතු කරන අය සම්බන්ධව අපි දැඩි තීන්දු ගැනීමට සූදානමින් සිටිනවා.


හොර ඡන්ද දැමීමේ මැතිවරණ දූෂණ සිදුවුවහොත් ඊට එරෙහිව පියවර ගන්නත් මැතිවරණ කොමිසම සූදානම් ද?

 

හොර ඡන්ද හෝ කිසියම් මැතිවරණ දූෂණයක් සිදු වුවහොත් ඒ අවස්ථාවේදීම ඊට අවශ්‍ය පියවර ගැනීමට අපි සූදානමින් සිටිනවා. ඒ සම්බන්ධ පුද්ගලයන් ඒ මොහොතේත්ම අත්අඩංගුවට ගෙන අවශ්‍ය නීතිමය පියවර ගන්නවා. ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන අවට ප්‍රචණ්ඩකාරීව හැසිරෙන අය සම්බන්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න අපි පියවර ගන්නවා.


 

ඡන්දය දැමීම සදහා හැඳුනුම්පත අනිවාර්ය ද?


ඡන්ද දැමීම සඳහා හැඳුනුම්පත අනිවාර්යයයි. ඒ සඳහා ලංකාවේ වලංගු හැඳුනුම්පත් වර්ග අටක් තිබෙනවා. එයින් එකක් භාවිත කරන්න පුළුවන්. ඊට අමතරව ඡන්ද පත්‍රිකාවක් අපි හැම කෙනාටම ලබාදීලා තියෙනවා. තවමත් නිල ඡන්ද පත්‍රිකාව ලැබිලා නැත්නම් තැපැල් කාර්යාලයට දැන්ම ගිහින් ඡන්ද පත්‍රිකාව ගන්න කියලා අපි මතක් කරනවා.


නිල ඡන්ද පත්‍රිකාව නැති වුණත් ඕනෑම ඡන්දදායකයකුට ඡන්දය ප්‍රකාශ කිරීමට පුළුවන් ඉහත මං සඳහන් කළ ආකාරයට පිළිගත හැකි හැඳුනුම්පතක් මගින්.


ජනාධිපතිවරණයෙන් පස්සේ ඊළඟට කොමිසමේ

වැඩි අවධානය තිබෙන්නේ මහා මැතිවරණය ගැනද? පුංචි ඡන්දය ගැනද?


ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම 26 වැනිදාට තීරණ කර තිබෙනවා. ජනාධිපතිවරණය අවසන් වුණාට පස්සේ තිබෙන වාතාවරණය සලකා බලා ඉක්මනින්ම පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවධානය යොමු කරනවා. ඒක අධිකරණය මගින් අපට ලබාදී තිබෙන නියෝගයක්.


ගොඩක් අය ඡන්ද දානවා වගේම ඛලාගෙන ඉන්නේ ඉන්නේ ප්‍රතිඵලය සම්බන්ධව. මුල්ම ප්‍රතිඵලය කීයට

වගේ දෙන්න පුළුවන් වෙයිද?


ඇත්තටම හරියටම වෙලාව කියන්න බැහැ. ඒත් අපට ප්‍රතිඵල ලැබුණු ගමන් ඉක්මනින්ම ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඡන්ද ගණන් කිරීම සිදුවන්නේ දිස්ත්‍රික්ක මට්ටමින්.


තැපැල් ඡන්දය සියයට 80 කට වඩා භාවිතා කර තිඛෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක් නේද?


ඒක හොඳ ප්‍රවණතාවක් අනිකුත් ඡන්දවලදිත් මේ ආකාරයටම භාවිත වෙනවා. මේ වතාවෙත් අපට සතුටු විය හැකි ආකාරයට ඡන්දය භාවිතා කර තිබුණා.





මේ ඡන්දෙදි කිසිම අපේක්ෂකයකුට සියයට 50 සීමාව පසු කිරීමට නොහැකිවේ යැයි උපකල්පනය කර තිබෙනවා. එහෙම වුණොත් දෙවැනි මනාපය සලකුණු කිරීමට ඡන්දදායකයා උනන්දු කළ යුතුද?


ජනාධිපති පනතේ පැහැදිලිව සඳහන් වෙනවා ඡන්දදායකයා ඡන්දය ලබාදිය යුතු ආකාරය පිළිබඳව. ඕනෑම කෙනකුට තවත් අපේක්ෂකයකුට මනාප දෙන්න ඕන නම් 1, 2, 3 කියලා තමයි සටහන් කළ යුත්තේ. එහෙම නැත්නම් කතිරය යොදන්න පුළුවන්. කතිරය සමග මනාප 2, 3, කියලා යෙදුවොත් ඡන්දය අවලංගුයි. මේ ආකාරයට පමණයි ඡන්දය දීමට හැකි වන්නේ.


අලුත් ඡන්ද මේ පාර වැඩිවීමක් තිබෙනවාද?


පසුගිය ඡන්දයට වඩා අලුත් ඡන්දදායකයන් විශාල ප්‍රමාණයක් මෙවර සිටිනවා. 18 සම්පූර්ණ වුණ 76,000ක පිරිසකට පරිපූරක ලැයිස්තුව හරහා ඡන්ද අයිතිය ලබා සිටිනවා. සාමාන්‍යයෙන් පෙබරවාරි 07 වැනිදාට තමයි ඡන්ද නාම ලේඛලය සහතික කරන්නේ.


එතැන ඉඳන් ඊළඟ පිරිසට ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුල්වෙන්න හැකියාවක් තිබුණේ නැහැ. එතනින් හැලෙන අයට පරිපූරක ලැයිස්තුව හරහා මැයි 17 වන තෙක් 18 සම්පූර්ණ වුණ අයටත් ඡන්ද ලැයිස්තුවට නම දැමීම සඳහා අවස්ථාව ලබාදුන්නා.


බන්ධනාගාර රැඳවියන්ට, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ලබාදීමට අවස්ථාවක් නැතිද?

තැපැල් ඡන්දය දීමට අවස්ථාව තිබෙන්නේ පනතේ සඳහන් ආකාරයට ඡන්දය විමසීම සඳහා යොදාගන්නා නිලධාරීන්ට හා ආරක්ෂක නිලධාරීන්ට පමණයි. ඒ හැර වෙනත් කිසිවෙකුට වෙනත් ක්‍රමයකට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව දී නැහැ. ඒ සම්බන්ධ අපගේ සියලුම යෝජනා තේරීම් කාරක සභාවට, පාර්ලිමේන්තුවට ලබාදී තිඛෙනවා. මේ වගන්තිය සංශෝධනය වෙනකන් ඉහත
කණ්ඩායම් හැරෙන්නට සිරකරුවන්ට, විදේශගත අයට ඡන්ද දිනයේ අත්‍යවශ්‍ය සේවාවල යෙදී සිටින අයට තැපැල් ඡන්දය හෝ වෙනත් ඡන්දය දීමක් කරන්න අවස්ථාවක් නැහැ. අපිට මුලින්ම කරන්න වෙන්නේ මේ පනත සංශෝධනය කිරීම.


අපේක්ෂකයන් වැඩිවීම ප්‍රශ්නයක් මේක ඉදිරියේදීවත් වෙනස් විය යුතු නොවේද?

ඒ ක්‍රමය වෙනස් කරන්න අපට හැකියාවක් නැහැ. මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සීමා කරන්න මැතිවරණ කොමිසමට බලයක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ අයට අයිතිය ලබාදී
තියෙනවා. ඉදිරිපත් වන අපේක්ෂකයන් ගණන අඩු කරන්න අපි යම් යම් පියවර ගත්තා. උදාහරණයක් කිවුවොත් ඇප මුදල වැඩි කිරීම. එයට අවසන් අවස්ථාවට එළැඹිලා තිබුණත් පාර්ලිමේන්තුවේ ඒ පනත සම්මත වුණේ නැහැ. මේක ජන්දය ඉල්ලන අපේක්ෂකයන්ගේ සදාචාරාත්මක ප්‍රශ්නයක්. වෙනත් අරමුණු තියාගෙන ඡන්දය ඉල්ලනව නම් ඒක සුදුසු ක්‍රියාවක් නොවේ. ඒක නීතියෙන් නතර කරන්න මැතිවරණ කොමිසමට බලයක් නැහැ.

මේ වාරේ මැතිවරණ කොමිසමේ වැඩපිළිවෙළ බොහොම ප්‍රසාදයෙන් සමහරු කතා කරනවා නේද ඒකේ රහස කුමක්ද?
ඒ ප්‍රසාදය ගැන මට මුකුත් කියන්න බැහැ. ඡන්ද වීමසීම ආරම්භ වූ අවස්ථාවේ ඉඳන් සියලුම නීති විරෝධී ක්‍රියා මර්දනය කරමින් ඒවාට ඉඩ අවස්ථා ලබා නොදීමට කටයුතු කළා. රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමට එරෙහිව වැට බැන්ද. දැනට බලයේ සිටින සහ විපක්ෂ කණ්ඩායම් වල නීති විරෝධි ක්‍රියා වැළැක්වුවා. නීති විරෝධී පෝස්ටර් කටවුට් බැනර් දිනපතා පොලිසිය සමඟ එකතු වී අයින් කළා. ඡන්දදායකයන්ට නිදහසේ තම ඡන්දය ප්‍රකාශ කළ හැකි පරිසරයක් අපි ඇති කළා. වෙනදාට වඩා හොඳ ප්‍රවණතාවක් තියෙනවා.


(අමිල චින්තක ගමගේ)