මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (04දා) සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.මේ අනුව අද දිනයේදී සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, මැතිවරණ කාර්යාලවල, පොලිස් දෙපාර්තමේන්තුවේ ආයතන තුළ තැපැඡන්ද සලකුණු කිර්ම සිදු වේ.අද දිනයේදී තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වන පිරිස්වලට 6වැනි දිනද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබේ.
අනෙකුත්
රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්දය හිමි පිරිස් සඳහා ඡන්දය සලකුණු කිරීම හෙට
(05දා) සහ අනිද්දා (06දා) යන දිනවල සිදුකරන අතර,
මෙම දිනවල තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වන පිරිස් සඳහා මේ මස 11 සහ 12 යන දිනවලදී තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී උදේ 9.00ත් සවස 4.00ත් අතර කාලය තුළදී තැපැල් ඡන්ද සලකුණු කිරිම සඳහා අවස්ථාව තිබෙන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
තැපැඡන්දය සලකුණු කිරිම පිළිබඳව හෝ තැපැල් ඡන්දය විමසන ස්ථාන හා පරිශ්‍ර ඡායාරූපගත කිරිම හා වීඩියෝගත කිර්ම තහනම් බවත් අදාළ ස්ථානවල අපේක්ෂකයාගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරිම සඳහා පත්‍රිකා බෙදා හැරීම, සලකුණු ප්‍රදර්ශනය කිර්මට නොහැකි බවද පෙන්වා දෙයි. ලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාවක් ප්‍රදර්ශනය කිර්ම තහනම් ක්‍රියාවක් බවත් එවැනි වරදකට අවුරුදු දෙකක් බන්ධනාගාරගත කළ හැකි බවද පෙන්වා දෙයි.
තැපැල් ඡන්දය සලකුණු කරන ස්ථානවල විශේෂ
ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දදායකයන් 712,319දෙනෙකු සුදුසුකම් ලබා සිටින අතර, වැඩිම තැපැල් ඡන්දදායකයන් සංඛ්‍යාවක් වන76,977දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් ලබා සිටිති.මේ අතර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු ඊයේ (03දා) දිනයේ සිට ආරම්භ කර තිබේ.
0 Comments