
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා දින නියම වී තිබෙන අතර එම මැතිවරණය ඔක්තෝම්බර් 26 වෙනිදා පැවැත්වීමට නියමිත බව කොමිසම පවසයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතුද අද (12) දහවල් 12ට අවසන් විය.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඇප තැන්පත් කර නාමයෝජනා භාරගැනීම සිදුවූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇප මුදල් තැන්පත් කර නාමයෝජනාද භාරදී තිබුනි.
Comments
Post a Comment
Your comment will be visible after approval