15,000-to-fertilizer-subsidy-from-Rs.-Up-to-25,000-–-Fuel-Subsidy-to-Dhiwaras

 පසුගිය දා වත්මන් රජය මගින් ප්‍රකාශයට පත්කළ වැඩිකළ පොහොර සහනාධාරය සහ ධීවරයින් උදෙසා වන ඉන්ධන සහනාධාරය මැතිවරණ කොමිසම මගින් අත්හිටුවා තිබෙන අතර, මැතිවරණයෙන් පසුව එම සහනාධාර ලබා දෙන ලෙස දැනුම් දී තිබේ.





වී ගොවීන් සදහා හෙක්ටාරයකට මෙතෙක් ලබාදුන් රුපියල් පහළොස් දහසේ පොහොර සහනාධාරය රුපියල් විසිපන්දහස දක්වා  වැඩි කිරීමට ජනාධිපතිවරයා මහාභාණ්ඩාගාරය වෙත උපදෙස් දී තිබුණු අතර, ධීවරයින් සදහා වන  ඉන්ධන සහනාධාරය ද ඉහළ නැංවීමට  තීරණය කෙරුණි.

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වැඩිකළ මෙම සහනාධාර හෙට සිට ක්‍රියාත්මක වීමටයි නියමිතව තිබුණු අතර, මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මෙවැනි සහනාධාර ලබා දීමෙන් සෙසු අපේක්ෂකයන් අගතියට පත්වීම වැළැක්වීම සදහා එය තාවකාලිකව නතර කළ බව මැතිවරණ කොමිසම පවසා සිටී.