first-test-match-nz-sl

 සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සැප්තැම්බර් 18 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
ඒ සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (14) පෙරවරුවේ දිවයිනට පැමිණියහ.

පළමු ටෙස්ට් තරගය ලබන 18 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජනතාවට නොමිලේ නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.

ඒ අනුව ක්‍රීඩාංගනයේ ගේට්ටු අංක 4 හරහා මහජනතාවට ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවස්ථාව ලබාදී තිබේ.



ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා එළැඹෙන 21 වැනිදා නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇති අතර පළමු ටෙස්ට් තරගයේ නිවාඩු දිනයේ තම ගම්බිම්වලට ගොස් ඡන්දය ප්‍රකාශ කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට දැනුම් දී තිබේ. ඔවුන්ට එදිනම පස්වරුවේ නැවත කණ්ඩායමට එක්වන ලෙසද දන්වා ඇත.

දෙවැනි ටෙස්ට් තරගය මේ මස 26 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වේ.