fish-bite-fisherman

ශ්‍රී ලංකා­වට දකුණු දෙසින් වූ ගැඹුරු මුහු­දේදී මෙරට බහු­දින ධීවර යාත්‍රා­වක මත්ස්‍ය­යකු සපා කෑමෙන් තුවාල ලබා අසා­ධ්‍යව සිටි ධීව­ර­යකු කොළඹ සමු­ද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බ­න්ධී­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ සම්බ­න්ධී­ක­ර­ණ­යෙන්, විදෙස් නෞකා­වක් වෙත ලබා­ගැ­නී­මෙන් අන­තු­රුව, ඊයේ (18) ගොඩ­බි­මට රැගෙ­න­විත් ප්‍රති­කාර සඳහා කොළඹ, ජාතික රෝහල වෙත යොමු කිරී­මට නාවික හමු­දාව මඟින් කට­යුතු කර තිබේ.



වෙන්න­ප්පුව ධීවර වරා­යෙන් පෙරේදා (17) ධීව­ර­යන් හත් දෙනකු සමඟ ධීවර කට­යුතු සඳහා පිටත්ව ගොස් තිබූ “Beula 02” නමැති බහු­දින ධීවර යාත්‍රාවේ සිටි ධීව­ර­යකු, ධීවර කට­යුතු සිදු කර­මින් සිටි­යදී මත්ස්‍ය­යකු සපා කෑමෙන් තුවාල ලබා අසා­ධ්‍යව ඇති බවත් එම ධීව­රයා වෙත ප්‍රති­කාර කිරීම සඳහා කඩි­න­මින් ගොඩ­බි­මට රැගෙන ඒමට නාවික හමු­දාවේ සහාය ලබා­දෙන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපා­ර්ත­මේ­න්තුව මඟින් නාවික හමුදා මූල­ස්ථා­නයේ පිහිටි කොළඹ, සමු­ද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බ­න්ධී­ක­රණ මධ්‍ය­ස්ථා­නය වෙත දැනුම් දීමක් සිදු කර තිබිණි.



ඒ අනුව, අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීව­රයා මුදා ගැනීම සඳහා සහාය වන ලෙස, එම මුහුදු ප්‍රදේ­ශය ඔස්සේ ගමන් ගත් ‘MT Kiel Express’ නමැති විදේ­ශීය නෞකා­ව‍‍ ­දැ­නු­වත් කර ඇත.

අන­තු­රට පත් වූ ධීව­රයා ‘MT Kiel Express’ නෞකාව වෙත ලබා ගැනීම සිදු කෙරී ඇති අතර, මූලික ප්‍රථ­මා­ධාර ලබා­දෙ­මින් ඊයේ (18) උදෑ­සන කෞළඹ වරාය ආස­න්න­යට රැගෙන ඒමෙන් අන­තු­රුව, බට­හිර නාවික විධා­න­යට අනු­යුක්ත වේග ප්‍රහා­රක යාත්‍රා­වක් යොදවා රෝගී ධීව­රයා කඩි­න­මින් ගොඩ­බි­මට රැගෙ­න­විත් මෙලෙස ප්‍රති­කාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරී­මට නාවික හමු­දාව මඟින් කට­යුතු කර තිබේ.

(රක්ෂණ ශ්‍රියන්ත)