ඉදිරි පැය 24 තුළ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර පහත් බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
කළුගඟ කුඩාගඟ උප ද්‍රෝණියේ සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර වර්ෂාව තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ හේතුවෙන් බුලත්සිංහල, මදුරාවල, පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ගංගා පිටාර ගලමින් පවතින අතර පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැක.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල අතුරු මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින අතර ප්‍රදේශයේ ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
0 Comments