ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්ව තිබියදී ගම්පොළ ජයමාලපුර දෙවැනි පටුමග මාර්ගය හිටපු නාගරික මන්ත්‍රීවරියකගේ ප්‍රධානත්වයෙන් කොන්ක්‍රීට් කරමින් තිබියදී මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පෙරේදා (7) පැමිණ වහාම එම කටයුතු නතර කර ඇත.ගම්පොළ නගර සභා මුදල් වලින් මෙම මාර්ගය සංවර්ධනය කිරීම අරඹා
තිබුණි.ට්‍රාස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කළ පැමිණිල්ලකට අනුව මැතිවරණ මෙම පියවර ගෙන ඇත.මේ පිළිබඳව ට්‍රාස්පේරන්සි ආයතනය කොමිෂන් සභාව මගින් කළ නිරීක්ෂණයකදී, මෙම මෙම මන්ත්‍රීවරිය ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයකුට සහාය දෙන පක්ෂයක සාමාජිකාවක බව හඳුනාගෙන ඇත.මේ පිළිබඳව නගර සභාවේ වැඩ බලන ලේකම් සුභාෂිණි සුබසිංහ මහත්මියගෙන් විමසීමේදී ඇය සඳහන් කළේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් අනුමත අනුමත කර එවන ලද ව්‍යාපෘති මෙසේ ක්‍රියාවට නගන බවයි. මේ පිළිබඳව කිසිදු දේශපාලනඥයකු සහභාගි කර නොගැනීම අනුගමනය කළත්, අනාරාධිතව ඒ ඒ කොට්ඨාසවල මන්ත්‍රීවරුන් මෙවැනි සංවර්ධන කටයුතුවලට සහභාගි වීමෙන් මෙසේ ගැටලු ඇති වී ඇති බවත්, මේ ආකාරයට ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ව්‍යාපෘති අසූදෙකක් හා ගම්පොළ නගර සභා බලප්‍රදේශයට ව්‍යාපෘති තිහකට වඩා අනුමත වී ඇතත්, මෙවැනි ක්‍රියා නිසා ඒවා ක්‍රියාත්මක කිරීම ගැටලු සහගත තත්වයක පවතින බවත් ඇය සඳහන් කළාය.
මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට අයත් මහනුවර කාර්යාලයෙන් විමසීමේදී ප්‍රකාශ කළේ,
ගම්පොළ පමණක් නොව බොහෝ ප්‍රදේශ වලින් මෙවැනි අකටයුතු දෑ වාර්තා වී ඇති බවයි. ඒ ක්‍රියා නීති විරෝධි බැවින්, සියලු සංවර්ධන ව්‍යාපෘති නැවතීමට උපදෙස් දී ඇති බව ද ඔවුහු පැවැසූහ. මැතිවරණයට තව ඇත්තේ දින කිහිපයක් හෙයින්, මෙවැනි සියලු කාර්යයන් නැවතීමට දන්වා තිබියදී දේශපාලනඥයන්ගේ ඉල්ලීම්වලට කටයුතු කරන නිලධාරීන් සිටියහොත් ඔවුන් සම්බන්ධව පියවර ගන්නා බව ද මැතිවරණ කොමිෂන් සභා නිලධාරීහු ප්‍රකාශ කර සිටියහ.
සුරංග රාජනායක
0 Comments