government-salary-increment

රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වය දරන ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.ඒ අනුව 2025 ජනවාරි 01 වැනිදා සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපව සියලුම රාජ්‍ය සේවා වෘත්තිකයන් සඳහා 24%සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප ඉහළ නැංවීමට නියමිතය.

ඒ අනුව, කාර්යාල කාර්ය සහායක සේවයේ තුන්වැනි ශ්‍රේණියේ වැටුප රුපියල් 5,450කින්, දෙවැනි ශ්‍රේණිය සඳහා රුපියල් 8,760ක් හා පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 10,950කින් වැටුප් වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ වැටුප රුපියල් 13,980කින් ඉහළ නැංවේ.


එසේම රියදුරු සේවයේ තුන්වැනි ශ්‍රේණියේ වැටුප රුපියල් 6,960කින් ඉහළ දමා ඇත. රියදුරු සේවයේ දෙවැනි ශ්‍රේණියේ වැටුප රුපියල් 9,990කින් වැඩිවන අතර පළමු ශ්‍රේණියේ වැඩිවීම රුපියල් 13,020කින් සහ විශේෂ ශ්‍රේණිය සඳහා රුපියල් 16,340ක් ලෙස වැටුප් වැඩිවීම සිදු වේ.තවද සමෘද්ධි සංවර්ධන නිලධාර් තුන්වැනි මට්ටම සඳහා වැටුප රුපියල් 8340කින්ද, දෙවැනි ශ්‍රේණියට රුපියල් 11,690කින් සහ පළමු ශ්‍රේණියට රුපියල් 15,685කින් ද වැටුප් වැඩිවීම සිදු වේ.කළමනාකරණ සේවා නිලධාර්/ කළමනාකරණ සහකාර තුන්වැනි ශ්‍රේණියේ වැටුප රුපියල් 10,140කින් වැඩිවන අතර එහි දෙවැනි ශ්‍රේණිය සඳහා රුපියල් 13,490කින් ද පළමු ශ්‍රේණියේ වැටුප රුපියල් 17,550කින්ද වැඩි වීමට නියමිතය. එසේම සංවර්ධන නිලධාර් තුන්වැනි ශ්‍රේණියට රුපියල් 12,710ක වැටුප් වැඩිවීමක් හිමි වන අතර දෙවැනි ශ්‍රේණියට රුපියල් 17,820ක් හා පළමු ශ්‍රේණියට රුපියල් 25,150ක වැටුප් වැඩිවීමක් සිදු වේ.


මහජන සෞඛ්‍ය පරීක්ෂක හා පවුල් සෞඛ්‍ය සේවිකා තුන්වැනි ශ්‍රේණිය සඳහා වැටුප් රුපියල් 12,885කින් වැඩි වන අතර එහි දෙවැනි ශ්‍රේණිය සඳහා රුපියල් 17,945ක් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 25,275ක වැටුප් වැඩිවීම සිදු වේ. විකිරණවේදී සහ ඖෂධවේදී තුන්වැනි ශ්‍රේණියට සිදුවන වැටුප් වැඩිවීම රුපියල් 13,280කි. එහි දෙවැනි ශ්‍රේණියට රුපියල් 18,310ක් සහ පළමු ශ්‍රේණිය වෙනුවෙන් රුපියල් 25,720කින් වැටුප් වැඩිවීමක් හිමිවේ.




තවද හෙද නිලධාරි  තුන්වැනි ශ්‍රේණියේ වැටුප රුපියල් 13,725කින් වැඩි කිරීමට නිර්දේශ වී ඇති අතර දෙවැනි ශ්‍රේණිය සඳහා රුපියල් 18,835කින් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 26,165ක වැටුප් වැඩිවීමක් හිමි වනු ඇත.තවද විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණිය සඳහා රුපියල් 23,425කින් වැටුප් වැඩිකිරීමටත්, එහි දෙවැනි ශ්‍රේණියට රුපියල් 29,935ක් හා තුන්වැනි ශ්‍රේණියට රුපියල් 39,595ක වැටුප් වැඩි කිරීම සිදු වේ.


ගුරු සේවයේ විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා රුපියල් 17,480ක වැටුප් වැඩිවීමක් හිමිවේ. උපාධිධාර් ගුරුවරුන් සඳහා රුපියල් 19,055ක වැටුප් වැඩිවීමක්ද, දෙවැනි ශ්‍රේණිය සඳහා රුපියල් 20,425ක් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 38,020කින් වැටුප් වැඩි වීම සිදු වේ. පොලිස් කොස්තාපල්වරයකුගේ වැටුප් රුපියල් 10,740 කින් වැඩි වන අතර පොලිස් සැරයන්වරයෙකුගේ වැටුප් වැඩිවීම සිදු වන්නේ රුපියල් 13,210කිනි. එසේම උප පොලිස් පරීක්ෂකවරුන්ගේ වැටුප රුපියල් 14,050කින් වැඩිවන අතර පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැටුප රුපියල් 18,290කින් වැඩිවේ. එමෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂවරයෙකුගේ වැටුප රුපියල් 23,685කින් වැඩි වීමට නියමිතය.




ග්‍රාම නිලධාරී පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 11,340කින් ද එම සේවයේ දෙවැනි ශ්‍රේණිය සඳහා රුපියල් 14,690ක් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 18,750කින් වැටුප් වැඩිවේ. පරිපාලන ග්‍රාම නිලධාරියෙකුගේ වැටුප ද රුපියල් 23,575කින් වැඩි වේ.සහකාර ලේකම්, සහකාර අධ්‍යක්ෂ, ගණකාධිකාරී, සහකාර ප්‍රාදේශීය ලේකම් සහ සහකාර කොමසාරිස් යන තනතුරු සඳහා වැටුප රුපියල් 28,885 කින් වැඩිවේ. නියෝජ්‍ය අධ්‍යක්ෂ හා නියෝජ්‍ය කොමසාරිස්වරුන්ගේ ආරම්භක වැටුප රුපියල් 43,865කින් ඉහළ නැංවීමට නියමිත අතර ප්‍රාදේශීය ලේකම්, අධ්‍යක්ෂ, කොමසාරිස් හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් යන තනතුරු සඳහා වැටුප් රුපියල් 57,545 කින් වැඩිවනු ඇත.


එසේම ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගේ වැටුප රුපියල් 35,560කින්ද දෙවැනි ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගේ වැටුප 39,575කින් වැඩිවේ. පළමු ශ්‍රේණියේ වෛද්‍යවරුන් වෙනුවෙන් රුපියල් 53,075ක වැටුප් වැඩි වීමක් සහ අතිරේක ලේකම් සහ විශේෂඥ වෛද්‍ය යන තනතුරුවල රුපියල් 70,200කින් වැටුප ඉහළ නැංවීමට නියමිතය. මීට සමගාමීව වසරක් පාසා සියලුම රාජ්‍ය සේවකයන්ට හිමිවන සියලු වැටුප් වර්ධක අගයන් දෙගුණ කිරීමට ද නිර්දේශ වී තිබේ. එමෙන්ම රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන, විශ්වවිද්‍යාල සහ ත්‍රිවිධ හමුදාව සඳහා ද ඉහත ආකාරයටම 2025 ජනවාරි 01වැනිදා සිට වැටුප් වැඩිකිරීමට කටයුතු යොදා ඇත.