handunneththi-speaks

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රජයක ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සිදුකරනු ඇතැයි ජාතික ජන බලවේගයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.



දිසානායක මහතා ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීමෙන් දිනකට පසු සඳුදා මාධ්‍යවේදීන් අමතමින් හඳුන්නෙත්ති පැවසුවේ "අද ඔබ මේ රටේ අවසන් විධායක ජනාධිපතිවරයා පත් කර තිබෙනවා
තවදුරටත් විධායක ජනාධිපතිවරු බිහි නොවනු ඇත. ඒ සඳහා මහජනතාවගේ සහයෝගය අපට අවශ්‍යයි."
යනුවෙනි.
දේශපාලකයන්ට පිරිනැමෙන වරප්‍රසාද විශාල වශයෙන් කපා හැරීමක් ගැන කියූ ඔහු
“ජනතාවට අනවශ්‍ය දේ දේශපාලනඥයන්ට අවශ්‍ය නොවන බවට අපි ජනතාවට දුන් පොරොන්දුවක් තිබෙනවා.
අපි ඒ පොරොන්දුව රකිනවා" ඔහු පැවසීය.