igp-priyantha-weerasuriya

වැඩ බලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.


ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 36කට වැඩි සේවා කාලයක් හිමි අයකු බව සඳහන්ය.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා විවිධ තනතුරුවල සේවය කර තිබීම විශේෂිත්වයකි.
1988 වසරේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු ලෙස සේවයට බැදී ඇති ඒ මහතා 1992 වසරේදී උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස උසස්වීම් ලබා ඇත.කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු ලෙසද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතීඥවරයෙකු ලෙසද දිවුරුම්දීමෙන් පසු සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා උසස්වීම් ලබා ඇත.