indika-mohan-premalal-siripala-step-down

වරාය සහ ගුවන්සේවා සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර , විදුලි හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ , කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් යන අය වහාම ක්‍රියාත්මක වන පරිදි නිල වශයෙන් සිය ධුරවලින් ඉවත් කර තිබෙන බව රජය පවසයි.



ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3) (අ) ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අධිකාරිය යටතේ මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

අදාළ රාජ්‍ය අමාත්‍යවරුන් සියලු දෙනාම මෙවර ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතාට සහය පළ කළ අතර රනිල් වික්‍රමසිංහට විරුද්ධව දේශපාලන රැස්වීම් වලදී කථා පවත්වන්නට ගොස් සිටි අයයි.
මේ අය අතරින් දෙපසට වැනෙමින් සිටි ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරන බව පවසා පැය කිහිපයකින් නාමල් රාජපක්ෂ මහතාට සහය දක්වන බව කියමින් එම පක්ෂ කාර්යාලය වෙත ගියේය.


ඒ අනුව දැනට නාමල් රාජපක්ෂ සමග එකතුවී සිටින පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනා මන්ත්‍රීධූර පමණක් හොබවන අතරඇමති ධූර වලින් ඉවත් කර ඇත.
රනිල්ට සහය දක්වන කන්ඩායම අද දින පොදුජනඑක්සත් නිදහස් පෙරමුණ නමින් සන්ධානගතවූ අතර මෙම ඉවත් කළ අය එයට එක් නොවීමත් සමග අවසාන තීරණ ලබාගෙන ඇති බව පෙනෙන්නට තිබේ.