අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චීන ජාතිකයන් 13දෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර කාන්තාවන් දෙදෙනකුද වන බව පොලිසිය කියයි.
එම සැකකරුවන් සහ සැකකාරියන් සමඟ එම වංචාව සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණක හා ජංගම දුරකතන විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංක දෙක ස්ථානාධිපති උපුල් ගල්වල මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් බොරැල්ල ගෝතමී පාරේ සිදුකළ වැටලීමකදී මෙම චීන ජාතික සැකකරුවන් සහ සැකකාරියන් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30/44 පසුවන අතර සැකකාරියන් දෙදෙනා 24/29 අතර පසු වන්නන් වන බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් දෙදෙනා කොළඹ අලුත්කඩේ අංක 2 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 25 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් පේමරත්න අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය මහත්වරුන්ගේ උපදෙස් මත මූල්‍ය අපරාධ විමර්ශන අංක දෙක ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ගල්වල මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.
(බණ්ඩාරගම - බිමල් ජයසිංහ)
0 Comments