italy-family-syrian-katunayake

කූට ලෙස සකස් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බල­පත්‍ර භාවිත කර ඉතා­ලියේ රෝම නුවර වෙත පැන යාමට තැත් කළ සිරි­යානු ජාතික පවුල් දෙක­කට අයත් සාමා­ජි­ක­යන් 07 දෙනෙකු ඊයේ (12) උදෑ­සන කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ ආග­මන විග­මන දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

මොවුන් සිරි­යාවේ වාසය කළ වැඩි­හි­ටි­යන් තිදෙ­නකු සහ කුඩා දරු­වන් සිව් දෙනෙ­කු­ගෙන් සම­න්විත පවුල් දෙකකි.



මොවුන් ඊයේ (12) උදෑ­සන 07.20ට ඉන්දි­යාවේ චෙන්නායි බලා පිටත්ව යාමට නිය­මිත, ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යාන­යට පිවි­සීම සඳහා කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් තම ගුවන් සේවා නිශ්කා­ශන කට­යුතු නිමා කර ගුවන් තොටු­පොළ විග­මන කවුළු වෙත පැමිණ තිබූ අතර, එහිදී සේවය කළ ආග­මන විග­මන නිල­ධා­රීන්ට ඇති වූ සැකය මත, මොවුන්, ඉදි­රි­පත් කළ ලිය­කි­ය­විලි ද සමඟ දේශ­සීමා ආවේ­ක්ෂණ ඒක­කය වෙත යොමු කිරී­මට පිය­වර ගෙන තිබුණි.

එහිදී සිදු කළ තාක්ෂ­ණික පරික්ෂා කිරී­ම්ව­ලදී මෙම ගමන් බල­පත්‍ර කූට ලෙස සකස් කළ ඒවා බව තහ­වුරු වී තිබේ.

ඉන්ප­සුව මෙම සිරි­යානු ජාති­ක­ය­න්ගෙන් සිදු ප්‍රශ්න කිරී­ම්ව­ලදී තමන් මෙම ගමන් බල­පත්‍ර එකක් අමෙ­රි­කානු ඩොලර් 2,000 බැගින් තැරැ­ව්ක­රු­වෙකු වෙත ගෙවා, තුර්කියේ දී සකස් කර ගත් බව අනා­ව­ර­ණය කර තිබේ.



මෙම ගමන් බල­පත්‍ර පරි­ලෝ­කන යන්ත්‍ර (Scaner Test), ඉලෙ­ක්ට්‍රො­නික් ගේට්ටු (Electronic Gates) වැනි නවී­න­තම පරික්ෂා කිරී­ම්ව­ලදී ද හසු නොවන ආකා­ර­යට, අධි­තා­ක්ෂ­ණික චිප­යන් යොදා සකස් කර තිබේ.

මෙවැනි අධි­තා­ක්ෂ­ණික ගමන් බල­පත්‍ර, මුල් අව­ස්ථාවේ දීම හඳුනා ගැනීම, ඉහළ වෘත්තීය පළ­පු­රුද්ද සහිත කටු­නා­යක ගුවන් තොටු­පොළ තුළ සේවය කරන ආග­මන විග­මන නිල­ධා­රීන්ට හැකි වීම ඔවුන්ගේ උසස් වෘත්තීය පරි­ණ­ත­භා­ව­යට නිද­සු­නකි.

මෙම සිරි­යානු ජාති­ක­යන් පිරිස මුලින්ම මැලේ­සි­යාව වෙත පැමිණ එතැ­නින් ශ්‍රී ලංකා­වට පැමිණ තිබේ. ඉන්ප­සුව ඔවුන් ඉන්දි­යා­වට ගොස් එතැ­නින් ඉතා­ලිය වෙත පලා යාමට සැල­සුම් කර තිබූ බව ආග­මන විග­මන නිල­ධා­රීන් අනා­ව­ර­ණය කර ගෙන තිබේ.

මෙම අත්අ­ඩං­ගු­වට ගැනීම සහ ඒ පිළි­බඳ විම­ර්ශන කට­යුතු ප්‍රධාන ආග­මන විග­මන නිල­ධා­රීන් වන වයි.ඒ.එස්.ඩී. යාපා සහ ඩී.එස්.ඒ. දෙහි­වත්ත යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් සහ අධී­ක්ෂ­ණය මත ආග­මන විග­මන නිල­ධාරි ඩබ්ලිව්.ඒ.ඩී .එන්. අර­වින්ද යන මහ­ත්ව­රුන් විසින් සිදු කරනු ලැබීය.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගත් මෙම සිරි­යානු ජාති­ක­යන් පිරිස මේ පිළි­බඳ වැඩි­දුර විම­ර්ශන කට­යුතු සඳහා කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් වෙත භාර දී තිබේ.
(කටු­නා­යක - ටී.කේ.ජී.කපිල)