ඉදිරියේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට යුගයේ අවශ්‍යතාවය සලකා ජනතාවගේ යහපත වෙනුවෙන් තරග කිරීමට තමන් සූදානම් බව ජනප්‍රිය රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා සඳහන් කරයි.

තමන්ට ඊට හැකියාව මෙන්ම සුදුසුකම් ද ඇති බවත් තම රසික රසිකාවන් රට පුරා සිටින බවත් හෙතෙම කියා සිටියි.


කමල් අද්දරආරච්චි මහතා පසුගියදා පැවති මාලිමා කලා ශීල්පී හමුවටද එක්ව සිටියේය.
ඡන්දයට ඉදිරිපත් වෙන ලෙස තමාගෙන් ඉල්ලීමක් කළහොත් ඕනෑම පළාතකින් හෝ ඒ සඳහා ඉදිරිපත්වීමට හැකි යැයි කී කමල් අද්දරආරච්චි මහතා ජනතා යහපත වෙනුවෙන් ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය ලබාදිය යුතු යැයිද කීවේය.

කෙසේ වෙතත් ඔහුට තරග කරන්නට අවස්ථාවක් ලබාදී ඇති බව තවම පක්ෂය තහවුරු කර නැත.