ළමා හා කාන්තා අපයෝජන නිවාරණ සහ විමර්ශන කොට්ඨාසයේ අවිවාහක තරුණ කාන්තා පොලිස් නිලධාරිනියකගේ ජංගම දුරකතනයට වස්ඇප් තාක්ෂණය ඔස්සේ නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ
දර්ශන එවා ඇය බලවත් අපහසුතාවකට පත් කළේ යැයි කියන 23 හැවිරිදි තරුණයෙක් එම කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් පෙරේදා (1) අත්අඩංගුවට ගනු ලැබීය.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ තරුණයෙකි.
තරුණ කාන්තා පොලිස් නිලධාරිනියට නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ දර්ශන එවීමට යොදාගත් බව කියන නවීන පන්නයේ ජංගම දුරකතනය ද පොලිස් භාරයට ගෙන ඇත.පොලිස් භාරයට ගත් එම ජංගම දුරකතනයේ කාන්තා පොලිස් නිලධාරිනියට එවා තිබූ නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ දර්ශන ද ඇතුළත්ව තිබිණි යැයි පොලිසිය කියයි.
ඡායාරූප සහ වීඩියෝ දර්ශන ජංගම දුරකතනයට එවීමෙන් අනතුරුව ඇය ඒ බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ සහ විමර්ශන දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මියට පැමිණිලි කර තිබූ අතර ඇයගේ උපදෙස් අනුව එම කොට්ඨාසයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා සමන්ති රේණුකා මහත්මිය තරුණයා කොටු කර ගැනීමට සැලසුම් කර ඇත. ඒම සැලැස්මට අනුව තරුණ කාන්තා පොලිස් නිලධාරිනිය ඇයට මෙවැනි දර්ශන එවන තරුණයා සමග ව්‍යාජ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගා ගෙන ඇතැයි කියති.
පොලිස් නිලධාරිනියගේ පෙම්බස්වලට රැවටුණු තරුණයා නිලධාරිනිය කළ ඉල්ලීමක් අනුව ඇය හමුවීමට කොළඹට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.ර
ැකියාවක් නොකරන මෙම තරුණයා ජැන්ඩියට හැඳ පැළඳගෙන ඉස්තරම්ම වර්ගයේ සුවඳ විලවුන් ඇඟ තවරාගෙන කිසිදා නොදුටු පෙම්වතිය හමුවීමට පැමිණ තිබිණි යැයි පැවැසේ.තමා මාසයකට ආසන්න කාලයක් නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ දර්ශන ඒවා ඇත්තේ පොලිස් නිලධාරිනියකට බව දැනගත්තේ ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසුව යැයි පොලිසිය කියයි.නිරුවත් වීඩියෝ දර්ශන සහ නිරුවත් ඡායාරූප පොලිස් නිලධාරිනියකට එවා ඇය අපයෝජනයකට ලක් කළේ යැයි කියන චෝදනාව යටතේ මෙම තරුණයා අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කළේය.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments