katunayake-duty-free-whisky

කටු­නා­යක ගුව­න්තො­ටු­පොළේ ඇති රථ­ ගා­ලක රුපි­යල් කෝටි­යක් පමණ වටිනා විදේ­ශීය මත්පැන් බෝතල් 118ක් සඟවාගෙන සිටි ජාවා­ර­ම්ක­රු­වකු ගුවන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් විසින් ඊයේ (05) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.



මොහු කොළඹ - 13 ප්‍රදේ­ශයේ පදිංචි මත්පැන් ජාවා­රම් සිදු කරන ව්‍යාපා­රි­ක­යෙකි. කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත පැමි­ණෙන ගුවන් මගීන් විසින් DutyFree ඔස්සේ අඩු මිලට රැගෙන එන මත්පැන් බෝතල් ගුව­න්තො­ටු­පොළ රථ ­ගාල තුළ රැඳී සිටි­මින් මිලට ­ගෙන මෙසේ එකතු කර­ගෙන පසුව ඒවා ශ්‍රී ලංකාව පුරා සංචා­රක හෝටල් වෙත වැඩි මිලට අලෙවි කිරීමේ ජාවා­ර­මක නිර­තව සිටි­න්නෙකි.

ඔහු සන්ත­කයේ ලේබල් - 5 විස්කි බෝතල් 99ක්, බ්ලැක් ලේබල් විස්කි බෝතල් 14ක් සහ වැට් - 69 විස්කි බෝතල් 05ක් තිබී කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙම ව්‍යාපා­රි­කයා සමඟ ඔහු විසින් එක්‍ ­රැස් කර­ගෙන තිබූ විස්කි බෝතල් තොගය මීග­මුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

( කටු­නා­යක - ටී.කේ.ජී.කපිල)