kebithigollawa-incident

 අනුරාධපුර , පිහි­ඹි­ය­ගො­ල්ලෑව පොලිස් වසමේ පීන­ගම ගම්මා­නයේ අත­හැර දමා තිබූ වැසි­කිළි වළක තිබී සාහ­සික ලෙස ඝාත­නය කරන ලද විශ්‍රා­මික යුද හමුදා නිල­ධා­රි­ය­කුගේ මළ සිරු­රක් පසු­ගිය 27 වැනිදා පිහි­ඹි­ය­ගො­ල්ලෑව පොලි­සිය විසින් සොයා­ගනු ලැබීය.



මෙසේ ඝාත­නය කර ඇත්තේ පීන­ගම, කෑදෑව පදිං­චිව සිටි එස්. කරු­ණා­සේන නමැති 54 හැවි­රිදි තිදරු පියෙකි. මිය­ගිය පුද්ග­ල­යාගේ බිරිය සහ දෙවැනි දරුවා තම වැඩි­ම­හල් පුතුගේ කැකි­රාව ප්‍රදේ­ශයේ නිවෙ­සට ගොස් සිට ඇති අතර, මිය­ගිය තැනැත්තා පසු­ගිය දින කිහි­පයේ නිවෙසේ තනිව වාසය කර ඇත. පසු­ගිය 25 වැනිදා රාත්‍රියේ සිට මේ පුද්ග­ල­යාගේ දුර­ක­ත­නය ක්‍රියා­වි­ර­හිත වීමත් සමඟ ඔහුගේ වැඩි­ම­හල් පුතු පියා සිටි නිවෙ­සට පැමිණ මේ පිළි­බඳ සොයා බලා ඇත. කිසිදු තොර­තු­රක් නොමැ­ති­වී­මත් යාබද අත­හැර දමා තිබූ වැසි­කිළි වළ දෙසින් ආ දුඟ­ඳක් නිසා එය පරික්ෂා කර බැලී­මේදී තම පියා එහි ගැට ගසා දමා තිබෙනු දැක පිහි­ඹි­ය­ගො­ල්ලෑව පොලි­සිය දැනු­ම්වත් කර තිබේ.



ඒ අනුව එම ස්ථාන­යට පැමිණි පොලිස් නිල­ධා­රීන් පරික්ෂා කර බැලී­මේදී එය තහ­වු­රු­වී­මත් සමඟ පොලිස් අප­රාධ ස්ථාන පරී­ක්ෂක නිල­ධා­රීන්ගේ පරී­ක්ෂ­ණ­ව­ලින් පසුව මැද­ව­ච්චිය මහේ­ස්ත්‍රාත් ඉමේෂා මධු­භාණි ධර්ම­දාස මහ­ත්මිය ඉදි­රි­පි­ටදී වැසි­කිළි වළේ තිබූ මළ­සි­රුර ගොඩ ගන්නා ලදි. මහේ­ස්ත්‍රා­ත්ව­රි­යගේ නිරී­ක්ෂ­ණ­යෙන් අන­තු­රුව පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සඳහා මළ­සි­රුර යොමු කරන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රිය විසින් පොලි­සි­යට නියෝග කරනු ලැබු­වාය.

මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් පීන­ගම ගම්මා­න­යේම පදිංචි 52 හැවි­රිදි පුද්ග­ල­යකු පිහි­ඹි­ය­ගො­ල්ලෑව පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. ඔහු­ගෙන් කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී තමා විසින් මේ ඝාත­නය සිදු කර සිරුර රැගෙ­න­විත් වැසි­කිළි වළට දැමූ බවට පාපො­ච්චා­ර­ණ­යක් සිදු කළ බව පිහි­ඹි­ය­ගො­ල්ලෑව පොලි­සිය පව­සයි. සැක­කරු මැද­ව­ච්චිය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු ඔක්තෝ­ම්බර් මස 03 වැනි දින දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට මහේ­ස්ත්‍රා­ත්ව­රිය විසින් නියෝග කරනු ලැබු­වාය.

මේ පිළි­බඳ වැඩි­දුර පරී­ක්ෂණ පිහි­ඹි­ය­ගො­ල්ලෑව පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සංජීව ද සිල්වා මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් පිහි­ඹි­ය­ගො­ල්ලෑව පොලි­සිය සිදු කරයි.

(කැබි­ති­ගො­ල්ලෑව - එස්. ජී. උබේ­පාල)