මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොම්ෂන් සභාවේ සාමාජිකයකු ලෙස සිටිමින් කිසිදු පූර්ව දැනුම්දීමකින් හා අවසරයකින් තොරව 2024 වසරේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ කීර්ති වික්‍රමරත්න මහතා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොම්ෂන් සභාවේ සාමාජික ධුරයෙන් ඉවත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පියවර ගෙන තිබේ.මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වශයෙන් ස්වාධීනව හා අපක්ෂපාතීව සාධනීය පළාත් රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරිමට කටයුතු කළ යුතු බව අවධාරණය කරමින් ක්‍රියාකාරී
දේශපාලනයේ නිරත වෙමින් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම මගින් මැතිවරණ කොමිෂන් සභාවේ චක්‍රලේඛන උල්ලංඝනය කර ඇති බව නිරීක්ෂණය වන බවද ආණ්ඩුකාරවරයා පැවසීය.
ඒ අනුව 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වශයෙන් කටයුතු කරන වික්‍රමරත්න මහතා තවදුරටත් පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ස්වාධීනව හා අපක්ෂපාතීව කටයුතු කළ හැකි සාමාජිකයකු නොවන බැවින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 සංශෝධනයේ 154 (ඇ) වගන්තිය සහ 1987 අංක 42 දරන පළාත්සභා පනතේ 33 (3) වගන්තිය ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පරිදි පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයෙන් ඉවත් කිරිමට පළාත් ආණ්ඩුකාරවරයා විසින් පියවර ගෙන තිබේ.
ෂේන් සෙනෙවිරත්න
0 Comments