kesbewa-incident

සැමියා පැදවූ ත්‍රිරෝද රථය අන­තු­ර­කට ලක්ව පෙරැ­ළී­මේදී එහි සවි­කර තිබූ හුඩ්රැක් එක බිරි­යගේ හිසේ ඇනී­මෙන් සිදුවූ අන­තු­ර­කින් බර­ප­තළ තුවාල ලබා රෝහ­ල්ගත කෙරුණු බිරිය ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇතැයි කැස්බෑව පොලි­සිය පව­සයි.

මෙසේ මිය­ගොස් ඇත්තේ පොල්ග­ස්ඕ­විට කිරි­ග­ම්ප­මු­ණුව අංක 55/ 01 B හි පදිංචි වත­ව­න­වි­තා­නගේ නයනා කුමාරි නමැති (55) හැවි­රිදි දෙදරු මවක බව පොලි­සිය කියයි.

මෙම කාන්තාව සිය සැමියා සමඟ ත්‍රිරෝද රථ­ය­කින් පිළි­ය­න්දල සිද්ද­මුල්ල ප්‍රදේ­ශයේ පිහිටි පෞද්ග­ලික වෙළ­ඳ­සැල විවෘත කිරීම සඳහා ත්‍රිරෝද රථ­යක යමින් සිටි­යදී කුඩ­මා­දූව වෙල්යාය මැද පිහිටි පාලම මතදී ඉදි­රි­ප­සින් පැමිණි ත්‍රිරෝද රථ­යක ගැටී පෙරැළී ඇත.



අන­තු­රින් කාන්තාව ත්‍රිරෝද රථ­යට යටවී ඇති අතර එහි සවි­කර තිබූ හුඩ්රැ­ක්එක මෙම කාන්තා­වගේ හිසේ ඇනී බර­ප­තළ තුවාල සිදුව තිබූණි. පසුව අන­තු­රින් තුවාල ලැබූ සැමියා සමඟ බිරිය හෝමා­ගම මූලික රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව බිරිය ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව පොලි­සිය පව­සයි.

තුවාල ලැබූ සැමි­යාගේ තත්ත්වය බර­ප­තළ නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

පසුව අන­තුර සිදුවූ ස්ථාන­යට හෝමා­ගම හදිසි මරණ පරී­ක්ෂක සාම විනි­සුරු චින්තක උදය කුමාර මහතා පැමිණ ස්ථානීය පරී­ක්ෂ­ණය සිදු­කොට මෘත­දේ­හය පිළි­බඳ හදිසි මරණ පරී­ක්ෂ­ණය හෝමා­ගම මූලික රෝහ­ලේදී සිදු කෙරිණි .

එහිදී මෘත­දේ­හය පිළි­බඳ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය හෝමා­ගම මූලික රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී පනීත සෙනෙ­වි­රත්න මහතා විසින් සිදු කළ අතර එහිදී ඉදි­රි­පත්වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරී­ක්ෂණ වෛද්‍ය වාර්තා­වට අනුව මොළ­යට, සුෂු­ම්නා­වට වූ බහු­විධ තුවාල මර­ණ­යට හේතුව බවට හෝමා­ගම හදිසි මරණ පරී­ක්ෂක සාම විනි­සුරු චින්තක උදය කුමාර මහතා නිග­ම­නය කළේය.

එසේම මෙම කාන්තා­වගේ මර­ණය සම්බ­න්ධ­යෙන් දැනට රෝහ­ල්ග­තව ප්‍රති­කාර ලබන මිය­ගිය කාන්තා­වගේ සැමියා සුවවූ වහාම අත්අ­ඩං­ගු­වට ගෙන බල ප්‍රදේ­ශයේ අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසට ද හදිසි මරණ පරී­ක්ෂක චින්තක උදය කුමාර මහතා පොලි­සි­යට නියෝග කළේය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් කැස්බෑව පොලි­සියේ පො.කො. (77767) ප්‍රනාන්දු නිල­ධා­රීහු පරී­ක්ෂණ මෙහෙ­ය­වූහ.
(කොට්ටාව - ප්‍රදීප් කුමාර)