kilinochchi-incident

නිව­සක සැලැස්ම ප්‍රාදේ­ශීය සභාව විසින් අනු­මත කර නැති බව පවසා නිවස කඩා ඉවත් නොකර සිටී­මට රුපි­යල් හැට­ද­හ­සක අල්ලස් මුද­ලක් ලබා­දෙන ලෙස බල කිරීමේ සිද්ධි­යට අදාළ කිළි­නොච්චි ප්‍රාදේ­ශීය සභාවේ නිල­ධා­රින් දෙදෙ­නෙකු තව­දු­ර­ටත් ලබන 27 දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ නියෝග කළේය.



මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබුවේ කිළි­නොච්චි ප්‍රාදේ­ශීය සභා­වට අනු­යු­ක්තව සේවය කළ ආදා­යම් පරී­ක්ෂක වනේ­ෂ්ව­රන් ලෝග­ර­දන් සහ ආරි­ය­ර­ත්නම් මයු­රන් නමැ­ත්තන්ය.

සැක­ක­රු­වන් ඉදි­රි­පත් කර­මින් අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යේදී කරුණු ඉදි­රි­පත් කර සිටියේ පැමි­ණි­ලි­කා­රි­යගේ නිවසේ සැලැස්ම ප්‍රාදේ­ශීය සභා­වෙන් අනු­මත නොකර ඉදි­කර ඇති බවට පැමි­ණි­ල්ලක් ලැබී ඇති බවට දන්වා මෙම නිල­ධා­රින් දෙදෙනා එම නිවසේ ඡායා­රූප ඔවුන්ගේ ජංගම දුර­ක­ත­න­ව­ලින් ලබා­ගෙන පැමි­ණි­ලි­කා­රි­යගේ විස්තර විමසා එම විස්තර කොළ­යක සට­හන් කර­ගෙන පිටව ගොස් ඇත.

පසු­දින දුර­ක­ත­න­යෙන් අමතා නිල­ධා­රින් දෙදෙනා පැමි­ණි­ලි­ක­රුට කියා ඇත්තේ මෙම නිවසේ සැලැස්ම අනු­මත නොකර ඉදි­කි­රීම සම්බ­න්ධ­යෙන් තාක්ෂණ නිල­ධා­රි­යාට දන්වා විම­ර්ශ­නය කර නඩු පැව­රී­මට හෝ කඩා ඉවත් කිරී­මට හැකි­යාව ඇති බැවින් එසේ නොකර සිටී­මට රුපි­යල් ලක්ෂ තුන­හ­මා­රක අල්ල්ස් මුද­ලක් අවශ්‍ය බවත්ය.

පසුව අව­සාන වශ­යෙන් පළමු සැක­කරු නැවත දූර­ක­ත­න­යෙන් අමතා රුපි­යල් හැට­ද­හ­සක අල්ලස් මුද­ලක් ලබා­දෙන මෙන් ඉල්ලා ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම අධි­ක­ර­ණ­යේදී කියා සිටි­යේය.
(භාග්‍යා සිල්වා)