kithulgala-incident

මත්ද්‍රව්‍ය චෝදනා යටතේ බන්ධ­නා­ගා­ර­ග­තව සිට අධි­ක­ර­ණයේ නඩු කීප­යක්ද පව­තින සැක­ක­රු­වෙකු ඡන්දය දා 21 වැනිදා අලු­යම තම නි‍ෙවසේ වහ­ලයේ කඔ­ය­කින් ගෙල වැල­ලා­ගෙන මිය­ගොස් ඇතැයි කිතු­ල්ගල පොලි­සිය පව­සයි.

මෙසේ මිය­ගොස් සිටියේ තැලි­ගම, ඉංගි­රි­යා­වත්තේ පදිංචි වයස අවු­රුදු 23ක් වන කන්කා­න­ම්ලාගේ ඉෂාන් දිල්ෂාන් නැමැති ඒක්දරු පියෙකි.

මත්ද්‍රව්‍ය විකි­ණීම සම්බ­න්ධව සැක­පිට බන්ධ­නා­ගා­ර­ග­තව සිට ඉකුත් 28 දින ඇප­පිට නිද­හස් වූ තම ස්වාමියා අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන බව තමාට පවසා ඇති බවත් මරණ පරී­ක්ෂ­ණ­යේදී සාක්ෂි දුන් බිරිඳ පවසා සිටි­යාය.

මෙහිදී යටි­ය­න්තොට ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ හදිසි මරණ පරී­ක්ෂක ජගත් චන්දික රූප­සිංහ, කිතු­ල්ගල පොලි­සියේ උප පොලිස් පරී­ක්ෂක පාලිත ධර්ම­සිරි මහතා හා ග්‍රාම නිල­ධාරී මහ­තාගේ සහාය ඇතිව ඒම ස්ථාන­යේදී මරණ පරී­ක්ෂ­ණය සිදු කර­මින් සාක්ෂි සට­හන් කර ගත්තේය.



සාක්ෂි දුන් මිය ගිය අයගේ බිරිඳ රාජ­ප­ක්ෂගේ අහිංසා සඳ­මාලි මෙසේ පැව­සු­වාය. ‘2020 අපි කසාද බැඳ ඉෂාන්ගේ මහ ගෙදර වන අංගොඩ පදිංචි වුණා. බීල තාත්ත රණ්ඩු කර­නවා. ඒ නිසා අපි ආපසු මගේ ගමට ආව. ඉෂාන් ඒ කාලෙ සැලුන් ඒකක වැඩ කළා. මෙහාට ආවට පස්සෙ අම්මා ඉෂාන්ට සැලුන් ඒකක් දාල දුන්නා. ඒ අතරෙ තමයි ඉෂාන් ගංජා බිස්නස් කරන්න පටන් ගත්තෙ. ඒව අහු­වෙලා ඒයා හිරේ ගියා. ගිය මාසෙ හිරෙන් ඇවිත් හිටියෙ. පෙරේදා යාළු­වෙ­කුගේ ගෙදර යනවා කියල ගියා. ඊයෙ 2.00ට විතර ඒන­කොට ඇඳන් හිටිය ටී ෂර්ට් ඒක කන­පිට ඇඳල තිබුණේ.ඇස් දෙක හොඳ­ටම රතු වෙලා හිටියෙ. එයා මට කිව්ව අයිස් ගහ­නවා කියල. එදත් බිව්ව කිව්වා.”

මිය ගිය අයගේ නැන්දා වන ගඟ­බඩ ලිය­නගේ හර්ෂනී මෙසේ පැව­සු­වාය. ‘අපේ ගෙවල් දෙක එක ළඟ තියෙන්නෙ. ඉෂා­නුත් දුවත් රෑට අපේ ගෙදර තියා­ග­න්නවා. මට බයක් තිබුණා ඉෂාන් නැවත ගංජා විකු­ණන්න පටන් ගනියි කියල. ඊයේ දුවට කතා කළා ගෙදර යන්න.

ඊයෙ දවසෙ ඔහුගේ හැසි­රීම අමුතු නිසා යන්න ඒපා කිව්වා. රෑ ඒකට විතර ඉෂාන් ගෙදර ගියා. උදේ ලයිට් දාල නිසා මම බලන්න ගියා. පයින් ගහල දොර අරින කොට එය එල්ලිලා ඉන්නවා දැක්කා.‘කිතු­ල්ගල පොලිසි‌යේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අනුර පක්ෂ මහ­තාගේ දැනුම් දීම මත සීතා­වක කොට්ඨා­සයේ විශේෂ අප­රාධ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රීන්ද සිද්ධිය වූ ස්ථාන­යට පැමිණ පරී­ක්ෂණ සිදු කළේය. පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සඳහා මෘත ශරී­රය අවි­ස්සා­වේල්ල මූලික රෝහලේ අධි­ක­රණ වෛද්‍ය­ව­රයා වෙත යොමු­කර තිබේ.
(යටි­ය­න්තොට - සමන් එස්. රත්නා­යක)