kohuwala-incident

බස්නාහිර පළාතේ පොලිස් වසම් අටක දුරකථන සන්නිවේදන කුලුනු රැසකින් රුපියල් කෝටියකට ආසන්න බැටරි සොරාගත් සංවිධානාත්මක කල්ලියකට අයත් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොහුවල පොලීසිය සඳහන් කරයි.සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව එලෙස සොරාගෙන තිබූ විවිධ මිල ගණන් යටතේ පවතින බැටර් 34 ක් සොයා ගැනීමට හැකිවූ බවද පොලීසිය පවසයි.කොහුවල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාර්න් අපරාධ වැළැක්වීමේ රාජකාර් නිරතව සිටියදී නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5900 ක් තිබී හමුවී තිබේ.




අනතුරුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිර්මේදී 2022 වර්ෂයේ සිට සිදු කළ මෙම සංවිධානාත්මක සොරකම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි. ඒ අනුව සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිමේදී මෙම සොරකමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අංගොඩ සහ රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද පොලීසිය පවසයි.


ඒ අනුව එම සැකකරුවන් තිදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී කොහුවල, හෝමාගම, අතුරුගිරිය, මාලඹේ, මහාභාගේ, බොරැල්ල, නාරහේන්පිට හා කුරුඳුවත්ත ආදී පොලිස් වසම් අටක දුරකථන කුලුනු දහයක බැටර් 34ක් සොරාගෙන ඒවා කළුතර, නාගොඩ, දොඩංගොඩ නුගේගොඩ ආදී ප්‍රදේශවලට විකුණා තිබියදී සොයා ගැනීමට හැකිවූ බවද පොලීසිය සඳහන් කරයි. රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනාකමින් යුත් බැටරි සෝලා පැනල් නිෂ්පාදනය කරන පුද්ගලයන් වෙතත් අනෙක් බැටරි පැරණි යකඩ අබලි ද්‍රව්‍ය මිලදී ගන්නා පුද්ගලයන් වෙතත් විකුණා තිබියදී සොයාගත් බවද පොලීසිය පවසයි.




අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාම කාලයකට පෙරත් දුරකථන කුලුනු සමාගමක හිටපු සේවකයන් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් නුගේගොඩ සහ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිර්මට නියමිතය.කොහුවල පොලීසිය සිද්ධි පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.