lal-kantha-party-banned

දිවයිනේ විවිධ ප්‍රදේශවල මහා පරිමාණ ගල්කොරි ව්‍යාපාරිකයන් පිරිසක් මහනුවර තරු හෝටලයක ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු නායකයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු දිවා ආහාරය ලබාදීමට සූදානම් වූ අවස්ථාවේදී මහනුවර මැතිවරණ කාර්යාලයේ නිරීක්ෂණ නිලධාරීන් පිරිසක් විසින් එය වළක්වනු ලැබීය.




මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් එම ස්ථානයට කඩා පනින අවස්ථාවේදී මෙරට මහා පරිමාණ ගල්කොරි ව්‍යාපාරිකයන් 25 දෙනෙකු පමණ එම ස්ථානයේ සිට ඇතැයි කියති. මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මේ ආකාරයෙන් සංග්‍රහ පැවැත්වීම වරදක් බව මැතිවරණ නිලධාරීහු ජාතික ජන බලවේගයේ නියෝජිතයන්ට සහ හෝටල් කළමනාකාරීත්වයට දැනුම් දුන්හ. පැමිණි පිරිසට දිවා ආහාරය බුෆේ ක්‍රමයට සුදානම් කර තිබූ අතර ආහාර වලට සීල් තැබීමටද මැතිවරණ නිරීක්ෂණ නිලධාරීහු පියවර ගත්හ.
ෂේන් සෙනෙවිරත්න