මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර, නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් නව පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයකු පත් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස් කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර ඇත.
ජනාධිපතිවරණයට දින දෙකකට කලින් මධ්‍යම පළාත් නව අධ්‍යාපන අධ්යක්ෂ ධුරය සඳහා ගම්පොළ කලාපයේ නිලධාරියකු පත් කිරීම සම්බන්ධයෙන් තම කාර්යාලයට පැමිණිලි ලැබුණු බවත්, ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කරගෙන යන බවත්, මේ සම්බන්ධව විමසීමක් කළ විට මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්, ආචාර්ය එච්.ඩී.එන්. සම්පත් ප්‍රනාන්දු මහතා පැවැසීය. මේ සම්බන්ධයෙන් ට්රාන්ස්කරන්සි ආයතනය ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
(ෂේන් සෙනෙවිරත්න)
0 Comments