limini-saddathissa-punchi-nilame

දේශපාලනඥයින් හා ඔවුනට සමීප අය රටින් පිටව යාමේ ආරංචි එන්න එන්නම වැඩියෙන් ආරංචි වෙමින් පවතී
ඇඳිරි නීතිය පනවා තිබීම හා ගුවන් තොටුපළ වෙත යන මාර්ගයේ හා ඒ අවට දැඩි ආරක්ෂක විධිවිධාන පනවා ඇති පසුබිමක රටින් පිටවන සියලු අය ගැන විස්තර අඩු වූවත් අභ්‍යන්තරයේදී හඳුනාගත් පුද්ගලයින් කිහිපදෙනෙකු ගැන වාර්තා ලැබෙමින් පවතී.
ඒ අනුව පිළිවෙලින් ‍පහත පුද්ගලයින් රටින් පිටව ගොස් ඇති බවට ආරංචි ලැබුණි.




  • අද (22) දින අලුයම 03.30 ට ඩුබායි බලා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණි විනෝජා වීරසිංහ සහ ඇයගේ පියා තිලකසිරි වීරසිංහ ඩුබායි හරහා ඇමරිකාවට පිටත්ව ගොස් තිබේ .
  • අද (22) දින අලුයම 12.50 ට හොංකොං බලා කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 610 දරන ගුවන් යානයෙන් නාමල් දිනවීමට වැඩ කළ ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස හිමියන් පිටව යාම
  • 21 දින රාත්‍රී 11.15 ට හිටපු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර තායිලන්තයේ බැංකොක් නුවර බලා තායි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 141 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාම
  • 21 දින සවස 02.25 ට හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 272 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා යාම



මීට පෙර අප වාර්තා කළ පරිදි ගොඨාභය රාජපක්ෂ දින කිහිපයකට උඩදී ඉන්දියාවටද, බැසිල් රාජපක්ෂ පසුගිය සිකුරාදා ඩුබායි හරහා ඇමරිකාවටද නාමල්ගේ නැන්දණිය හා නාමල්ගේ දරු දෙදෙනා සේවිකාවන් සමග පසුගිය සිකුරාදා ඩුබායි හරහා ඇමරිකාවටද පිටත්ව ගොස් ඇති බව වාර්තා විය.



ගුවන් තොටුපළේදි ප්‍රකට අය හඳුනාගන්නට ලැබුණත් අප්‍රකට දේශපාලනඥයින් හා ඥාතීන් රැසක් ඉහත ලැයිස්තුව හැර රටින් පිටව ගොස් ඇති බව වආරංචි ලැබී තිබේ.