
රුපියල් කෝටි දෙකහමාරක මුදලකට වාලම්පුරියක් අලෙවි කිරීමට තැත් කළ සිවුදෙනෙක් මහියංගණ පොලීසියේ නිලධාර්න් පිරිසක් විසින් පෙරේදා (28දා) මහියංගණ, 50 කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.හල්මිල්ලවැව, මහියංගණ 51, කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ සිවුදෙනෙක් මෙසේ අත් අඩංගුවට පත්ව සිටිති.
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත මහියංගණ පොලීසියේ නිලධාර්න් සමග සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. අත් අඩංගුවට ගත් වාලම්පුරිය හා සැකකරුවන්, මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මහියංගණය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.
(රංජිත් කරුණාවීර)
Comments
Post a Comment
Your comment will be visible after approval