maithri-speaks

තමන් ඉදිරියේ ශ්‍රී ලංකාවේ කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
කෙසේ වෙතත් තමන් දේශපාලන කටයුතුවලින් විශ්‍රාම නොයන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.
නව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාට විශාල අභියෝග රැසක් පවතින බවද මෛත්‍රී පෙන්වා දුන් අතර ජනතාවට සහනයක් සැලසීමට ඔහුට අවස්තාව ලැබීම ගැන සතුටු වන බව කීය.


ඉදිරි කාලය තුළ මැතිවරණ තුනක් පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා රුපියල් කෝටි හාරදහසක් පමණ වැය කළ යුතු බවත් කියන මෛත්‍රිපාල මේ මැතිවරණ නිසාම ජනතාවට සහන ලබාදිය නොහැකි බවද පැවසීය.
මෙවර මැතිවරණයේදී කවුරුන් ජනාධිපති ධූරයට පත්වුවත් තමන් සහය පළ කරන ස්ථාවරයක සිටි බවද තමා "දේශපාලනයෙන් විශ්‍රාම ගොස් නැති නමුත් ඉදිරි ජනාධිපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වීමට තීරණය කර නැහැ," ඔහු වැඩිදුරටත් පැවසීය.

අනුර කුමාර දිසානායක පූර්ව ජනපතිවරණ රැස්වීම් වලදී කියා සිටියේ තමා බලයට පත්වූ පසු හිටපු ජනපතිවරුන්ගේ විශ්‍රාමික දීමනා , වරප්‍රසාද සියල්ල කපාහරින බවකි.