‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න අද (07) පැවැත්වීමට නියමිතව තිබේ.
අද (07) පස්වරු 3.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී



‘රට ගොඩගන්නේ කෙසේද?’ යන මාතෘකාව යටතේ එම විවාදය පැවැත්වෙන අතර අද (07) පැවැත්වෙන විවාදය සඳහා සහභාගි වන්නේ සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ , දිලිත් ජයවීර සහ පී. අරියනේත්‍රන් යන ජනාධිපති ධූර අපේක්ෂකයින්ය.
ඊට සහභාගි වන ජනාධිපති අපේක්ෂකයින්ට ප්‍රශ්න 06 ක් යොමුකරන බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.

ඒ අනුව අද ප.ව. 3.00 සිට 5.00 දක්වා සියළුම ප්‍රධාන රූපවාහිනි නාලිකා සහ සමාජ මාධ්‍ය ජාල 200කට අධික ප්‍රමාණයක මෙම විවාදය සජීවිව විකාශය කිරීමට නියමිතයි.

අද විවාදය සඳහා ජනාධිපති ධූර අපේක්ෂකයින් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන අපේක්ෂකයින් සිය සහභාගිත්වය ස්ථිර කර ඇත.



මෙම විවාදය සඳහා ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට ආරාධනා කර තිබුණද, ඔවුන්ගේ පැමිණීම ස්ථිර කර නැත,
ඊට එක්විය නොහැකි බව රනිල් වික්‍රමසිංහ ලිඛිතව දැනුම්දී තිබෙන  අතර ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (06) පස්වරුව වන විටත් විවාදයට සහභාගිවන බව තහවුරු කර තිබුනේ නැත.

විවාදයේ දෙවන සහ තෙවන අදියර සඳහා අපේක්ෂකයින් 12 දෙනෙකු සහභාගී වීමට නියමිත අතර එම විවාදයන් 8 වැනිදා සහ 9 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබේ.